ෆොන්සේකාගේ හෙළිදරව්වට මැතිසබේ කලබලයි

September 21, 2016

මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නම් සඳහන් කරමින් දැනට අධිකරණය ඉදිරියේ විභාග වන නඩු කිහිපයක විස්තර කියමින් ප්‍රදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කතා කරද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඊට විරෝධය පළ කිරිම නිසා සභාවේ කටයුතු ඊයේ (21) උණුසුම් තත්ත්වයක් ගත්තේය.
ඒ අවස්ථාවේ මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන් කරමින් අමාත්‍යවරයා පැවසු කරුණු හැන්සාඩ් වාර්තාවෙන් වත් කරන ලෙස නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේය.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ, කොළඹදිස්ත්‍රික් මන්ත්‍රී විමල් විරවංශ හා මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ යන මහත්වරුන්ගේ නම් සඳහන් කරමින් හා ඔවුන්ට අදාළ නඩුවල විස්තර ෆොන්සේකා මහතා පැවසු අවස්ථාවේ මෙම උණුසුම් තත්ත්වය සභාවේ ඇති විය.
ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන්ද ප්‍රකාශයක් කළ ඇමතිවරයා ඔහුගේ නම් සඳහන් නොකර ඔහුගේ ඡයාරූපයක් සභාවට පෙන්වා සිටියේය.
විමල් වීරවංශ මහතා – මෙතුමා මේ සභාවේ ඉන්න මන්ත්‍රිවරයෙක් ගැනයි කිව්වේ. ඒක ඉල්ලා අස්කර ගන්න කියන්න…..
මේ අවස්ථාවේ සභාවෙන්  ර්‍ණකලවැද්දා” සහ  ර්‍ණවෙල් විදානේ” යැයි කියමින් කෑ කෝ ගසන්නට වූහ. අනතුරුව විමල් විරවංශ මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිඳ ගැනද ඇමතිවරයා කීවේය.
විමල් වීරවංශ මහතා – මටවත් මගේ බිරිඳටවත් මෙහෙම චෝදනා නැහැ. ඒවා හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න.
නියෝජ්‍ය කතානායක – එතුමාගේ නම සඳහන් කර කියු දේවල් ඉවත් කරනවා.
තුෂාර ඉදුනිල් මහතා (එ.ජා.ප) – මෙතුමාට කතා කරන්න දෙන්න අපිට කතා කරනකොට සත්‍ය තත්ත්වය කියන්න වෙනවා. තෙමෙන්නේ නැතුව නාන්න බැහැ.
චන්ද්‍රසිරි ගජධිර මහතා – මේ ගරු සභාවේ ඉන්නේ සත්තු නොවෙයි. පාර්ලිමේන්තුවේ සත්තු නැහැ. ෆොන්සේකා මහතා කියපු කතාව ඉල්ලා අස්කර ගන්න කියන්න.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p