හොද වැටුපක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන්න ඕන

September 21, 2016

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සතුටුදායක වැටුපක් නැති බැවින් ඉදිරියේදි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (21) ප්‍රකාශ කළේය.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ වැටුප අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ වැටුපට සමාන කිරිමේ හා ස්වාධින කොමිෂන් සභාවල සභාපතිවරු ඇතුළු සාමාජිකයන්ගේ වැටුප් වැඩි කිරිමේ යෝජනා විවාදයට එක් වෙමින් අගමැතිවරයා එසේ කීය.
හොද වැටුපක් නැතිනම් හොද මිනිසුන් මෙවැනි ආයතනවල පත් කළ නොහැකි බව ද අගමැතිවරයා කීවේය. ස්වාධින කොමිෂන් සභා අක්‍රියකළ අය තම දුෂණ වංචා වසා ගැනිම සඳහා මේ කොමිෂන් සභාවන්ට බිය වී සිටින බවද අගමැතිවරයා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට පැමිණි පිරිසට වඩා වැඩි පිරිසක් කුරුණෑගල ශ්‍රීලනිප රැළියට පැමිණි බවද ඒ මහතා ප්‍රකාශ කළේය. පාද යාත්‍රාවට සෙනඟ නොමැති නිසා කැම්බල් පිටියට නොපැමිණි පිරිස වෙනුවෙන් සැප්තැම්බර් 10 දා එ.ජා.ප ය කැම්බල් පිටිය පුරවා පෙන්නු බවත් ඒ මහතා කීවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p