Local News

විශේෂ දුම්රියන් ධාවනය වන වේලාවන් මෙන්න

පොසොන් උත්සවය නිමිත්තෙන් මහව දුම්රිය ස්ථානය දක්වා විශේෂ දුම්රියන් ධාවනය කිරීමට දුම්රිය දෙපාරත්මේන්තුව සැළසුම් කර ඇති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.මෙම දුම්රියන්ට අමතරව දුර ගමන් සේවා දුම්රිය සදහා අමතර මැදිරි එක් කිරීමට ද කටයුතු කර ඇති අතර අනුරාධපුර සිට මිහින්තලය දක්වා විශේෂ දුම්රිය ධානයට සැලසුම් කර තිබේ. මහව දක්වා ධාවනය වන විශේෂ දුම්රියන් පිළිබද තොරතුරු Read More

බැංකු ණය පොළිය පහළට

පසුගිය සතිය වන විට මෙරට ප්‍රධාන පෙළේ වානිජ බැංකු කිහිපයක් විසින්ම පිරිනමා ඇති ප්‍රමුඛ ණය පොලී අනුපාතිකයන් සියයට 9.00 මට්ටමින් පහළට පැමිණ ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ සමස්තයක් ලෙස පසුගිය සතිය අවසන් වන විට මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය Average Weighted Prime Lending Rate Read More

හේවිසි වාදනය ලෝක උරුමයක් කරන්න සැලසුම්

හේවිසි වාදනය ලෝක උරුමයක් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි. ඔහු මේ බව පැවසුවේ, පාරම්පරික හේවිසි වාදකකරුවන් ඇගයීමේ උත්සවයකට එක් වෙමිනි. උත්සවය පැවැත්වුණේ වැලිමඩ දඹවින්න පුරාණ රජමහා විහාරයේදීයි.

විදුලි සංදේශ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට දැනුම්දෙයි

ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව, වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කළ යුත්තේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පමණක් බවය අදාළ තීරණයේ වැඩිදුරටත් දැක්වෙයි.

වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළයාම කූඨ ව්‍යාපාරික ක්‍රියාවක්

ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩිකිරීමක් සිදු කර නොමැති නිසා වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළයාම කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද කූඨ ව්‍යාපාරික ක්‍රියාවක් යැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි. මේ වනවිට වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළ යාම කිසිසේත්ම සාධාරණීකරණය කළ හැක්කක් නොවන බවයි ඔවුන් සඳහන් කරයි. වෙළෙඳපොළේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150කින් පමණ ඉහළ ගොස් තිබේ. පාරම්පරික Read More

නිරිතදිග කොටසේ වැසි තත්ත්වය හෙට සිට වැඩිවෙයි

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවේ වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය Read More

මහවැලි වලව කලාපයේ ජනපදිකයන් 45,253කට සින්නක්කර ඉඩම් අයිතිය

භූමියේ අයිතිය නොමැතිව රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන මඟින් රජය කටයුතු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතමා නිදහස් අධ්‍යාපනය තුළින් දැනුම බෙදා දුන්නා සේම වත්මන් ආණ්ඩුව දැනුම සහ අයිතිය යන දෙකම ජනතාවට ලබා දීමට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. Read More

ජාතික පොසොන් සතිය අද සිට ඇරැඹේ

අනුබුදු මිහිඳු නා හිමි සමරමින් පවත්වනු ලබන ජාතික පොසොන් සතිය අද (17) සිට ආරම්භ වේ. හතළිස් පස් වැනි වරට මෙවර පැවැත්වෙන සති පිරිත් පින්කම සඳහා අද සිට විසි පස්වැනිදා (25) දක්වා දින නවයක කාලයක් වෙන් කර තිබේ. අද පස්වරුවේ ඉසුරුමුණිය රජමහා විහාරයේ සිට මහා විහාරය දක්වා දාහත්වැනිදා සවස පැන් පෙරහරෙන් මෙම පුණ්‍ය කටයුත්ත ආරම්භ වේ. Read More

නීති විරෝධීව මෙරටට ගෙන්වනු ලැබු දුම්වැටි  සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට ගෙන්වනු ලැබු කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුතු විවිධ වර්ගයේ දුම්වැටි  එක්ලක්ෂ විසිදහක් සැකකරුවන් තිදෙනෙකු සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ Read More

අන්තර් ජාතික තෙත්බිම් උද්‍යාන මංගල සමුළුව අද කොළඹදී

අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ඔස්ට්‍රේලියානු නවසීලන්ත හා ආසියානු පළමු සමුළුව අද(17) කොළඹදී ආරම්භ වෙයි. එහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇති. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙය සංවිධානය කරනු ලබයි. ලොව පුරා රටවල් 15 ක තෙත්බිම් උද්‍යාන 70 කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් 100 දෙනෙකු Read More

t

o

p