වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළයාම කූඨ ව්‍යාපාරික ක්‍රියාවක්

June 18, 2024

ආනයනික පොල්තෙල් සඳහා කිසිදු බදු වැඩිකිරීමක් සිදු කර නොමැති නිසා වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළයාම කිසියම් පිරිසක් විසින් සිදු කරන ලද කූඨ ව්‍යාපාරික ක්‍රියාවක් යැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

මේ වනවිට වෙළෙඳපළේ පොල්තෙල් මිල ඉහළ යාම කිසිසේත්ම සාධාරණීකරණය කළ හැක්කක් නොවන බවයි ඔවුන් සඳහන් කරයි.

වෙළෙඳපොළේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150කින් පමණ ඉහළ ගොස් තිබේ. පාරම්පරික පොල්තෙල් හිමියන්ගේ සංගමය චෝදනා කරන්නේ එළැඹෙන උත්සව සමය මුල්කරගෙන පොල්තෙල් ආනයනකරුවන් තොග සඟවාගෙන සිටීම නිසා මෙලෙස පොල්තෙල් මිල ඉහළ ගොස් ඇති බවයි. මේ පිළිබඳව අදහස් දැක්වූ සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා මෙසේ කියා සිටියේය.

“පොල්තෙල් ආනයනයකරුවන් හිතුමතේ තෙල් මිල තීරණය කරනවා. ඉදිරියේදී තෙල් බෝතලයක මිල රුපියල් 1,000ක් දක්වා වැඩිවීමේ ප්‍රවණතාවක් තිබෙනවා. අද වෙද්දි මුදල් අමාත්‍යාංශය බදු ගහලා නෑ. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කිසිම පාලනයක් කරලා නෑ. පොල් සංවර්ධන අධිකාරියේ කිසිම ක්‍රියාත්මක වීමක් නෑ. අපි රජයෙන් වහාම ඉල්ලා සිටිනවා මේ මිල අඩුකිරීමට දේශීය කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ආනයනය කරන්න අපිට අවස්ථාව දෙන්න කියා”

t

o

p