Local News

ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස106ක් විවෘත කරයි

ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ ප්‍රදේශ වල ඉදිකෙරුණු නිවාස 106ක් විවෘත කිරීමට අදාල ඩිජිටල් සමරු ඵලකය ඊයේ නිරාවරණය කෙරිණි. ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන්හි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෙරට සංචාරයේ නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහත්වරුන් එක්ව මෙම විවෘත කිරීම කළේය. කොළඹ සහ ත්‍රිකුණාමලයේ ආදර්ශ ගම්මාන Read More

ජය ශ්‍රී මහා බෝධී වඳින්න එන බැතිමතුන්ට නව පෙත්මග විවෘත කෙරේ

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සලසමින් ඉදිකළ නව පෙත්මග අද (20) විවෘත කෙරුණි. ඒ, අද (20) පෙරවරුවේ යෙදුණ සුබ මොහොතින් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන්.ජය ශ්‍රී මහා බෝධි ප්‍රධාන රථ ගාලේ සිට බටහිර දොරටුව දක්වා ඉදිකළ නව පෙත්මග මෙලෙස ජනතා අයිතියට පත් කෙරුණි. මාර්ග සංවර්ධන අධිකාරිය මගින් Read More

රන් මිල තවත් ඉහළට

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (20) දිනයේ කැරට් 22 රන් පවුම රු.184,750.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 201,500.00ක් ලෙස සටහන්ව තිබේ. අද රන් මිල සටහන පහතින්, කැරට් 24 ග්‍රෑම් 1 – රු.25,190.00 කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.201,500.00 කැරට් 22 ග්‍රෑම් 1 – රු.23,100.00 කැරට් 22 Read More

Open Visit ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

හෙට (21) යෙදී ඇති පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (Open Visit) බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී ඇත. ඒ අනුව හෙට දින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබාදීමට අවස්ථාව ලබාදී ඇති අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ Read More

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර අවබෝධතා ගිවිසුමට අනුමැතිය

ඍජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජධානිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ප්‍රතිපත්ති හා නෛතික ප්‍රතිසංස්කරණ, උසස් හා ඒකාබද්ධ යටිතල පහසුකම් සැපයීම, ක්‍රියාවලි ප්‍රතිනිර්මාණය යනාදිය හරහා රටට ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ දෙරටෙහි ආයෝජන පරිසරය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් ලංකා රජය සහ සෞදි අරාබි Read More

කර්මා­න්ත­ක­රු­වන්ට අඩු පොලි­යට ණය දෙන නව සංව­ර්ධන බැංකු­වක්

මෙරට කර්මා­න්ත­ක­රු­වන්ට අවශ්‍ය මූල්‍ය සහාය ලබා­ දීම වෙනු­වෙන් නව සංව­ර්ධන බැංකු­වක් ආරම්භ කිරී­මට අපේක්ෂා කරන බවත් එම­ඟින් කර්මා­න්ත­ක­රු­වන්ට අඩු පොලි­යට ණය ලබා ගැනී­මට අව­ස්ථාව සැල­සෙන බවත් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය. ඒ කට­යුතු ඉදි­රි­යට ගෙන­යෑම වෙනු­වෙන් ආර්ථික කොමි­ස­මක් ඇති කරන අතර සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යන් ශක්ති­මත් කිරීම වෙනු­වෙන් “එන්ට­ර්ප්‍ර­යිස් ශ්‍රී ලංකා“ නමින් නව ආය­ත­න­යක් Read More

වාහන tune up දන්සලක්

පොසොන් පොහොය නිමිත්තෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් වාහන සුසර කිරීමේ (tune up) දන්සැලක් අද (19) ආරම්භ කර තිබුණි. අද සහ හෙට (20) නාරාහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී මෙය පැවැත්වෙයි. යතුරුපැදි, ත්‍රීරෝද රථ නොමිලේ සුසර කරදීම මෙහිදී සිදු කෙරෙයි.

වගාවට හානි කරන රිලවුන් පන්නන්න නව උපකරණයක්

පොල් වගාවට හානි කරන රිලවුන් පළවා හැරීම සඳහා ශබ්ද තරංග නිකුත් කරන උපකරණයක් ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය විසින් සාර්ථකව අත්හදා බලා තිබේ. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ පොල් අස්වැන්නට රිලවුන්ගෙන් දැඩි හානියක් සිදුවන බවයි. මෙම උපකරණය යොදා ගැනීමෙන් එම හානිය වළක්වා ගත හැකි බව ඇය වැඩිදුරටත් කියා සිටියි.

පොසොන් උත්සවයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

පොසොන් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. ඒ අනුව, දිවයින පුරා පිහිටි විහාරස්ථාන 12,050 ක් අතරින් විහාරස්ථාන 11,095 ක පොසොන් පොහොය දින වැඩසටහන් පැවැත්වෙන බවට වාර්තා වී ඇති බව සඳහන්. එහිදී පොසොන් කලාප 322 ක්, පොසොන් තොරණ 296 ක්, දන්සැල් 4,557ක් ඇතුළු දිවයින Read More

විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 15 වැනිදා

2024 වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පවසයි. යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජනතාවගේ ලිඛිත අදහස් ලබන ජූලි මස 8 වැනිදා දක්වා භාරගන්නා බවත් වාචික අදහස් විමසීම ජූලි මස 9 වනදා පැවැත්වෙන බවත් සභාපතිවරයා සඳහන් කරයි. ඒ අනුව මෙම ගාස්තු Read More

t

o

p