ජය ශ්‍රී මහා බෝධී වඳින්න එන බැතිමතුන්ට නව පෙත්මග විවෘත කෙරේ

June 20, 2024

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සලසමින් ඉදිකළ නව පෙත්මග අද (20) විවෘත කෙරුණි.

ඒ, අද (20) පෙරවරුවේ යෙදුණ සුබ මොහොතින් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන්.ජය ශ්‍රී මහා බෝධි ප්‍රධාන රථ ගාලේ සිට බටහිර දොරටුව දක්වා ඉදිකළ නව පෙත්මග මෙලෙස ජනතා අයිතියට පත් කෙරුණි.

මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මීටර් දෙසිය පනහක පමණ දුරක් ඉදිකර ඇති මෙම පෙත්මග සඳහා වැය කර ඇති මුදල මිලියන අටක්(08) පමණ වෙයි.

මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් පැවැති මෙම අවස්ථාව සඳහා උතුරු මැද පළාත් නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් භාර අධ්‍යක්ෂ ආර්.එම්.බි රත්නායක, ප්‍රධාන ඉංජිනේරු සුධර්මන් පෙරේරා, විධායක ඉංජිනේරු චමින්ද සිල්වා යන මහත්තුරු ඇතුළු නිළධාරින් පිරිසක් එක්විය.

t

o

p