විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 15 වැනිදා

June 19, 2024

2024 වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පවසයි.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජනතාවගේ ලිඛිත අදහස් ලබන ජූලි මස 8 වැනිදා දක්වා භාරගන්නා බවත් වාචික අදහස් විමසීම ජූලි මස 9 වනදා පැවැත්වෙන බවත් සභාපතිවරයා සඳහන් කරයි.

ඒ අනුව මෙම ගාස්තු සංශෝධනයේදී විදුලි ගාස්තු අඩු කිරීමට නියමිත අතර එම අඩුවන ප්‍රතිශත ජූලි මස 15 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිතයි.

t

o

p