පොසොන් උත්සවයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

June 19, 2024

පොසොන් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව, දිවයින පුරා පිහිටි විහාරස්ථාන 12,050 ක් අතරින් විහාරස්ථාන 11,095 ක පොසොන් පොහොය දින වැඩසටහන් පැවැත්වෙන බවට වාර්තා වී ඇති බව සඳහන්. එහිදී පොසොන් කලාප 322 ක්, පොසොන් තොරණ 296 ක්, දන්සැල් 4,557ක් ඇතුළු දිවයින පුරා පොසොන් උත්සව 5929 කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වීමට නියමිතයි.

දිවයිනේ විවිධ ප්‍රදේශයන් ඔස්සේ පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා පවත්වා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර, ඒ යටතේ ආරක්ෂක රාජකාරි සදහා පොලිස් නිළධාරීන් 19,062 ක්, විශේෂ කාර්ය බලකා නිළධාරීන් 370 ක්, ත්‍රිවිධ හමුදා භටයින් 607 ක් සහ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් 26,013 දෙනෙකුට අධික පිරිසක් ද මෙවර ආරක්ෂාව සදහා යෙදවීමට සුදානම් කර ඇත.

t

o

p