Local News

වහා පාර්ලිමේන්තුව කැඳවන්න කතානායක ජනාධිපතිට ලිපියකින් දන්වයි

වහා පාර්ලිමේන්තුව කැඳවන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 125 ක පමණ පිරිසක් තමනට ලිඛිතව ඉල්ලීම් කර ඇති බව කතානායක කරු ජයසූරිය මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් ලියමින් දන්වා ඇත. එම ලිපිය මගින් ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව වහා කැඳවා ස්ථාවර භාවය ඇති කරන ලෙසයි. සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

කතානායක ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

කතානායක කරූ ජයසූරිය මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. එහි දැක්වෙන්නේ රට තුළ දැනට උද්ගතව ඇති දේශපාලනමය අර්බුදකාරී තත්ත්නය තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ වරප්‍රසාද ආරක්ෂා කර දෙන ලෙස ලැබී ඇති ඉල්ලීමක් පිළිබඳවයි.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය නෑ; චක්‍රලේඛය ඇමති අණින් ඉවතට

5 වසර ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටීම සියලු දරුවන්ට අනිවාර්ය කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ඉවත් කිරීමට කටයුතු කරන්නැයි තමන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කර තිබේ. ඒ නුගේගොඩ අනුලා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන තිබෙන්නේ ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යුහගතකරණය Read More

එජාපයේ ලොකුම පෙරළිය බණ්ඩාරනායක මහතාගේ පක්ෂයේ මහලේකම් ජනපති පොදු අපේක්ෂකයා කිරීමයි

ඩි.එස් සේනානායක මහතා විසින් ආරම්භ කරනු ලැබු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සහ ගමන් මග ප්‍රථමයෙන් වෙනස් කරනු ලැබූවේ පක්ෂ නිර්මාතෘගේ පුත්‍රයා වන ඩඩ්ලි සේනානායක මහතා බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, මහනුවර සංවර්ධන අමාත්‍ය සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ ඩි.එස් සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂය ආරම්භයේදි ඇති කළ ප්‍රතිපත්ති සහ ගමන් Read More

‘සුව සැරිය‘ පුත්තලමටත් යයි

”1990 සුව සැරිය”  ගිලන් රථ සේවය, පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවට නොමිලේ  ලබා ගැනීමට අවස්ථාව උදා කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය. ඉන්දීය රජයේ පූර්ණ ත්‍යාගශීලි ආධාරයක් ලෙස 2016 ජූලි මස ආරම්භ වූ ගාස්තු රහිත 1990 සුව සැරිය ගිලන් රථ සේවය හදිසි රෝහල් ගත වීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දෙයි. පූර්ව රෝහල් ප්‍රතිකාර සේවයක්ද සුවසරිය Read More

හොඳම සංචාරක ගමනාන්තය වීමේ වාසිය ගැනීමට අගමැති ගෙන් විශේෂ වැඩපිළිවෙලක්

ලෝක ආර්ථික අභියෝග හමුවේ අපනයන ආර්ථිකයට ශ්‍රී ලංකාව ගෙනයාමේ ප්‍රධාන පියවරක් වන සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරිමේ පළමු පියවර නොවැම්බර් 04 දා ලන්ඩන් නුවරදි ආරම්භ කෙරේ. මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවැත්වෙන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන උත්සවයත් සමඟම මේ වැඩපිලිවෙල ආරම්භ කරනු ලැබයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතාගේ Read More

තමන් සැක නොකර තමාව විශ්වාස කරන අගමැති මෝදි ශ්‍රී ලංකා රජයට දැනුම් දෙයි

කුමන ආකාරයකින්වත් තමා කෙරෙහි සැකයක් තබා නොගන්නා ලෙසත් හැමවිටම තමාව විශ්වාසකර වැඩකරනා ලෙසත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා රජයට රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ දැනුම්දීමක් කර තිබේ. ජාත්‍යන්තර වශයෙන් ඉන්දිය රජය වැඩිම වැඩකොටස ශ්‍රී ලංකාව වෙනුවෙන් කර තිබියදීත් තමා කෙරෙහි අවිශ්වාසයක් තබාගැනීමට කිසිදු හේතුවක් නැතැයිද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වැඩිදුරටත් ශ්‍රී ලංකා රජයට දැනුම් දි Read More

එජාපයේ සේනානායකලා නැති වගේම ශ්‍රීලනිපයේත් බණ්ඩාරනායකලා නැහැ

කවුරුන් හෝ අද ඩී. එස්. සේනානායක හෝ බණ්ඩාරනායකගේ දේශපාලනය කරන්න යනවා නම් ඔහු පිස්සෙක් විය යුතු යැයි ප්‍රාදේශීය සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (23) පැවසීය. අද එක්සත් ජාතික පක්ෂයේ ඩී. එස්. සේනානායකලා නැහැ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායකලා නැතැයි ද සරත් ෆොන්සේකා මහතා කීය. වර්තමානයේ කවුරුන් හෝ ඩී. එස්. Read More

ඉන්දීය සංචාරයේ සම්පුර්ණ වාර්තාව අගමැති රනිල් ජනපතිට බාර දෙයි

සිය ඉන්දීය නිල සංචාරය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත අද (22) දහවල් ඉදිරිපත් කරන ලදි. ඉන්දීය සංචාරයේදි එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් සැල කළ කරුණු විශේෂයෙන්ම ජනාධිපතිවරයා වෙත වාර්තා කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ලැබීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා Read More

පාරමීට නව නිවාස 2ක් ; අධ්‍යාපනය හා ක්‍රීඩා කටයුතු සඳහාත් රජයෙන් පහසුකම්

ආජන්ටිනාවේ පැවැති  තුන්වන යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ දී  ලෝකඩ පදක්කමක් හිමිකරගනිමින් ශී‍්‍ර ලංකාවට මහත් අභිමානයක් ගෙන දුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක‍්‍රීඩිකාවට නිවාස දෙකක් අලූතින් ඉදිකර දීමට රජය තීරණය කළ බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය. නිවාස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි ඇති බව Read More

t

o

p