හොඳම සංචාරක ගමනාන්තය වීමේ වාසිය ගැනීමට අගමැති ගෙන් විශේෂ වැඩපිළිවෙලක්

October 25, 2018

ලෝක ආර්ථික අභියෝග හමුවේ අපනයන ආර්ථිකයට ශ්‍රී ලංකාව ගෙනයාමේ ප්‍රධාන පියවරක් වන සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරිමේ පළමු පියවර නොවැම්බර් 04 දා ලන්ඩන් නුවරදි ආරම්භ කෙරේ.
මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පැවැත්වෙන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන උත්සවයත් සමඟම මේ වැඩපිලිවෙල ආරම්භ කරනු ලැබයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන වැඩසටහන ලන්ඩන් නුවරින් ආරම්භ කිරිමට නියමිතය.
ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ වැඩි වැඩියෙන් විදේශ මුදල් මෙරටට ගෙන්වා ගැනිමේ ප්‍රධාන පියවරක් ලෙස හදුන්වා දෙන ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ දෙවන පියවර මාර්තු මාසයේදි ජර්මනියේ බර්ලින් නුවර දි පැවැත්විමට නියමිතය.
මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරිම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය උපරීම මට්ටමෙන් ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයට උපදෙස් දී පවතියි.
ලෝකයේ අංක එකේ සංචාරක ප්‍රවර්ධන සඟරාව වන ලෝන්ග්ලි පැලනට් සඟරාව මගින් ලංකාව සංචාරයට හොදම ගමනාන්තයන් අතර පළමු ස්ථානයට පත් කළාසේ එහි වාසිය ලබා ගැනිමට කටයුතු කරන ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වල සඳහන්ය

t

o

p