Local News

අගමැති පාර්ලිමේන්තුව නැරඹිමට පැමිණි ශිෂ්‍යාවන් මුණ ගැසි සැප දුක් විමසයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණි කටුගස්තොට, ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයයේ ශිෂ්‍යාවන් පිරිසකට පසුගිය සිකුරාදා (08) පාර්ලිමේන්තු පරිශ්‍ර‍යේදී හදිසියේම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුණි. පාර්ලිමේන්තු නැරඹීමට පැමිණි මෙම ශිෂ්‍යාවන් හා ඔවුන්ගේ පාසලේ ගුරු මහත්ම මහත්මීන් දුටු වික්‍රමසිංහ මහතා ඔවුන් සිටි ස්ථානයට ගොස් ඔවුන් සමග සුහද කතා බහක නියැලී සිටි අයුරු ඡායාරූපවල දැක්වේ.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන බුම්මා අල්ලයි

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින කංජිපාන ඉම්රාන්ගේ ගෝලයෙකු වන ජි බුම්මා පොලිස් විශේෂ  කාර්ය බලකාය මගින් අද (13) අලුයම ගම්පොල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මාලිගාවත්ත පදිංචි මොහොමඩ් ශම්මුර් මොහොමඩ් සියාම් නොහොත් ජි බුම්මාය. ඉකුත් පෙබරවාරි මාසයේදි කොටහේන ප්‍රදේශයේදි කංජිපාන ඉම්රාන්ගේ අනියම් බිරිඳ වු ආශා පාරි හෙවත් කුඩු Read More

ඉන්ධන මිල ඉහලට

ඉන්ධන මිල ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ සිට  ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය කර තිබේ. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින්ද ඩිසල් ලීටරයක මිල රුපියලකින්ද ඉහල දැමීමට තීරණය කර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 132 ක් දක්වාත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 159 ක් දක්වාත් ඉහළ දමා තිබේ. සාමාන්‍ය Read More

කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යය 16 දා

ශානි පොල්ගම්පොල කච්චතිව් ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් මේ මස 16 වන දින පැවැත්වීමට යාපනය දිස්ත්‍රික් ලේකම් විසින් කටයුතු සූදානම් කර තිබේ.   ශ්‍රී ලාංකික සහ ඉංදීය කතෝලික බැතිමතුන් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පුජා පවත්වන ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ කච්චතිව් දූපත පිහිටා තිබේ.   මෙවරත් Read More

ශ්‍රීලනිපයේ 16 ක් ඡන්දය දෙන්න නොපැමිණෙයි නොපැමිණි ලැයිස්තුව මෙන්න

අය වැය ඡන්ද විමසිමේද මන්ත්‍රීවරු 29 ක් ඡන්දය ප්‍රකාශ කිරිමට නොපැමිණි අතර ඉන් ශ්‍රීලනිප මන්ත්‍රී සංඛ්‍යාව 16 කි. එම ලැයිස්තුව මෙසේය. නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, තිලංග සුමතිපාල, සරත් අමුණුගම, මහින්ද සමරසිංහ, ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර, ෆයිසර් මුස්තාපා, අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, වීරකුමාර දිසානායක, එස්.බි දිසානායක යන ශ්‍රිලනිප මන්ත්‍රීවරු වෙති. මීට Read More

අය වැය වැඩි ඡන්දයෙන් සම්මතයි. ශ්‍රීලනීප කණ්ඩායම ඡන්දය දිමෙන් වැලකෙයි. ඒකාබද්ධ ජවිපෙ විරුද්ධයි.

විසර්ජන පනත හෙවත් 2019 අය වැය ලේඛනයේ දෙවනවර කියවීමේ ඡන්ද විමසිමේදි වැඩි ඡන්ද 43 කින් පාර්ලිමේන්තුවේදි අද (12) සම්මත විය. අය වැයට පක්ෂව ඡන්ද 119 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 76 ක් ලැබීමෙන් වැඩි ඡන්දයෙන් සම්මත කෙරුනි. විවාදය අවසානයේ අය වැයට දෙවනවර කියවිමේ විවාදයට ඡන්දයක් අවශ්‍ය බව දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේය. ඒ අනුව ඡන්ද Read More

ආයතන තුළ විසදා ගත හැකි ප්‍රශ්න නිපතිට එවීමෙන් එහි තදබදයක් ඇති වෙලා – තලතා

රජයේ ආයතන තුළ විසදාගත හැකි සුළු කාරනා සම්බන්ධයෙන් පවා නීතිපති මතය විමසීම නිතිපති දෙපාර්තමේන්තුවේ අධික තදබදයක් නිර්මාණය වී ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමති තලතා අතුකෝරල මහත්මිය  අද (12දා)  පාර්ලිමේන්තුවේදී පැවසුවාය. එජාප මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරිය මේබව පැවසුවාය. මේ හේතුවෙන් නීතිපති මතය විමසීම සඳහා රජයේ ආයතන Read More

ඩොලර් මිලියන 3 ක් ගැනීම සදහා සියයට 8.5 ක පොලිසය බැදුම්කරයක් නිකුත් කරලා – රවි

ඇමරිකානු ඩොලර් මිලියන 03 ක් ලබා ගැනීම සඳහා සියයට 8.5ක පොලියට ජාත්‍යන්තර බැදුම්කරයක් නිකුත්කිරීම මගින් ශ‍්‍රී ලංකා මහ බැංකුව රජය නොමග යවා ඇති බව විදුලි බල හා බලශක්ති ව්‍යාපාර සංවර්ධන රවී කරුණානායක මහතා  අද (12දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේබව සඳහන් කළේය. කළාපයේ අනිකුත් රටවල්ද මෙවැනි බැදුම්කර නිකුතු සිදුකර ඇතත් ඒ Read More

ඩෙංගු මදුරු මර්ධනයට රටපුරා මර උගුල් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති

ඩෙංගු මදුරු මර්ධනය සඳහා බෙහෙත් යෙදු මදුරු උගුල් රටපුරා ඇතිකිරීමට අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමැති ෆයිසල් කාසීම් මහතා අද (12දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. එජාප මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා යොමුකළ ප‍්‍රශ්නයකට පිළීතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය. මෙවැනි මදුරු උගුල් ඉන්දියාවේ ක‍්‍රියාත්මක බවත් එය සාර්ථක ක‍්‍රමයක් වනු ඇති බව තමන් විශ්වාස කරන Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දය අය වැයට විරුද්ධවයි

අයවැය ලේඛනය සම්බන්ධයෙන් අද (12) සවස පැවැත්වෙන ඡන්ද විමසිමේදි විරුද්ධව ඡන්දය පාවිච්චි කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ. අය වැයට විරෝධය පළ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය. අද(12) පෙරවරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු සංකිර්ණයේදි විපක්ෂ නායක Read More

t

o

p