Local News

පළාත් සභා ඡන්දය ගැන අදහස් දක්වන්නැයි නීතිඥ සංගමයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැන්වීමක්

සීමා නිර්ණය වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින් කර ඇති මත විමසුමට අදාළ ලිඛිත දේශන තිබේනම් ඒවා අගෝස්තු මස 21 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත යොමුකර ඇති ලිපියකින් Read More

බුත්තලදී ප්‍රභූ රථ පෙළක ත්‍රීවිලරයක් ගැටී දෙදෙනෙකුට තුවාල

බුත්තල පොලිස් බල ප්‍රදේශයේ මහගොඩයාය ප්‍රදේශයේ දී ඊයේ (12) පස්වරුවේ ප්‍රභූ රථ පෙළක ත්‍රීරෝද රථයක් ගැටී දෙදෙනෙකු  තුවාල ලබා ඇත. මොණරාගල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ මෙම රථ පෙළ වැල්ලවාය දෙස සිට මොණරාගල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබේ. මොටර් රථයේ ගැටුණු ත්‍රීරෝද රථය පසුව ඩිෆෙන්ඩර් රථයේ ද ගැටී Read More

පොහොට්ටුවෙන් අශ්වයෙක් දාද්දි අලියගෙන් ගොලුබෙල්ලෙක් ගේන්න දගලනවා

වසර තිහකට පෙරාතුරව ක්‍රියාවට නැංවූ ගම් උදාව මත තවත් එල්ලී සිටින සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා රටට කාර්මික විප්ලවයක් උදා කිරීමට සැරසීම පුදුමයට කරුණක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ශත වර්ෂ කිහිපයකට පෙරාතුරව යුරෝපය කේන්ද්‍ර කොට ගනිමින් සිදු වූ කාර්මික විප්ලවයක් ගැන වර්තමාන තොරතුරු තාක්ෂණ යුගයේ Read More

පොහොට්ටුවෙන් කවුරු දැම්මත් එ.ජා.ප යට අභියෝගයක් නැහැ

” අපට කිසිම අභියෝගයක් නැහැ. ලබන වර්ෂයේ ජනවාරි වෙද්දි මේ රටේ රජ කරන්නේ අලියා තමයි. එක්සත් ජාතික පක්ෂයක් වශයෙන් අපිට මෙම ජයග්‍රහණය තනියෙන් ලබාගැනීමට හැකියාවක් තිබුණත්, අපි පොරොන්දු වූ පරිදි එක්සත් ජනතා පෙරමුණ වශයෙන් තමයි අපි තවදුරටත් කටයුතු කරන්නේ. ඒ ආකාරයෙන් සෑමදෙනාගේම සහයෝගයෙන්, එකමුතුභාවයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගැනීමට අපට හැකිවේවි” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී Read More

මඩාටුගම ගලතලාවක සගවා තිබු පුපුරණ ද්‍රව්‍ය පාර්සලයක් සොයා ගනී

මඩාටුගම ප‍්‍රදේශයේ ගල්තලාවක සගවා තිබූ පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් පාර්සලයක් අද (11) දහවල් ආරක්ෂක අංශ මගින් සොයාගෙන තිබේ. මඩාටුගම මුස්ලිම් ගම්මානය පසුපස පිහිටි රක්ෂිතයක ඇති ගල්කන්දක ගල් කුහරයක් තුළ සඟවා තිබීයදී එම පාර්සලය සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබිණ.  කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් කිසියම් අපරාධයක් සදහා යොදා ගැනීමේ අරමුණීන් මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය රහසිගතව මෙම ගල්තලාවේ සගවා තබන්නට Read More

කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමය – අගමැති

දස වසරක් බලයේ සිටි රාජපක්‍ෂ පාලනයට රට දියුණු කිරීමට නොහැකි වූ බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැන් ඇඳුම හා පාට වෙනස් කරමින් නැවත පැමිණිය ද සිදුවන්නේ පරණ පුරුදු ක්‍රියාදාමයම බවත්, කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියෙකු මිස රාජාලියෙකු බවට පත් නොවන බවත් අද (11) කුරුණෑගලදී පැවසීය. වත්මන් ආණ්ඩුව බලයට පත්වී ගත වූ වසර කිහිපය Read More

පොදු ජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨා නම් කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින්අ නම් කරනු ලැබීය.‍ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළමු ජාතික සම්මේලනයේදි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් එහි ජනාධිපති අපේක්ෂකයා නම් කරන ලදි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද Read More

සහරාන් ඇතුලු කල්ලියේ කෝටි 113 ක මුදල් හා දේපල අත්හිටුවයි

පාස්කු දින මරාගෙන මැරෙන  මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල කළ  ජාතික හවුහිත් ජමාද් ත‍්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්  ඇතුලූ  එම කල්ලි සාමාජිකයන් ගේ  රුපියල් කෝටි 113 ක  මුදල්  හා දේපළ අත්හිටුවා ඇති බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අධිකරණය කරුණු වාර්තා කර  අධිකරණ නියෝග මත මේවා අත්හිටුවා ඇති බවද  ශානි අබේසේකර Read More

කෝප් කමිටු රැස්වීම් හෙට සිට මාධ්‍යයට විවර කෙරේ

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ( කෝප් කමිටුවේ) රැස්විම් සහ සාකච්ඡා හෙට (09) දින සිට සියලුම ජනමාධ්‍යයන් වෙත විවෘත කිරිමට කථානායක කරු ජයසුරිය මහතා තීරණය කර තිබේ. ඒ අනුව මෙම කාරක සභාවේ කටයුතු සජිවිව වාර්තා කිරිමටද,  ඉඩ සැලසෙනු ඇත. කෝප් කමිටු රැස්වීම් මාධ්‍යයට විවෘත කිරීමට කාලයක් තිස්සේ සාකච්ඡා කෙරුනු අතර ප්‍රථම වරට කාරක සභාවක් Read More

අත හා පොහොට්ටුව ජනාධිපතිවරණයේදි එකට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පක්ෂය ජනාධිපතිවරණය ඉලක්ක කර සන්ධාන ගතවීමට තීරණයට එළැඹ තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවලින් අනතුරුව අතරමැදි පාර්ශවයක් හරහා දිගින් දිගටම දෙපාර්ශවය අතර අදහස් හුවමාරු කර ගැනීමෙන් පසු මෙම එකගතාවයට පැමිණි බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙකු ආණ්ඩු පක්ෂයේ ප්‍රබල දේශපාලඥයෙකුට Read More

t

o

p