බුත්තලදී ප්‍රභූ රථ පෙළක ත්‍රීවිලරයක් ගැටී දෙදෙනෙකුට තුවාල

August 13, 2019

බුත්තල පොලිස් බල ප්‍රදේශයේ මහගොඩයාය ප්‍රදේශයේ දී ඊයේ (12) පස්වරුවේ ප්‍රභූ රථ පෙළක ත්‍රීරෝද රථයක් ගැටී දෙදෙනෙකු  තුවාල ලබා ඇත.

මොණරාගල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ මෙම රථ පෙළ වැල්ලවාය දෙස සිට මොණරාගල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබේ.

මොටර් රථයේ ගැටුණු ත්‍රීරෝද රථය පසුව ඩිෆෙන්ඩර් රථයේ ද ගැටී අනතුර සිදු වී ඇති අතර එහිදි තිරෝද රථයේ ගමන් කළ දෙදෙනකුට මෙසේ තුවාල සිදු වී ඇත.

තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සහ පසුපස ගමන් කළ පුද්ගලයා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර අනතුරින් පසු ප්‍රභූ රථ වල අංක තහඬුද ගලවා දැමූ බව ප්‍රදේශවාසීන් පවසයි.

මෙසේ අනතුරට ලක් වී ඇත්තේ මැදගම ප්‍රදේශයේ පදිංචි දෙදෙනකු වන අතර අනතුර සම්බන්ධයෙන් එම රථ වාහන සියල්ලක්ම බුත්තල පොලිසිය වෙත රැගෙන ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන බුත්තල පොලිසිය සිදු කරයි.

t

o

p