පොදු ජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨා නම් කරයි

August 11, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින්අ නම් කරනු ලැබීය.‍

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළමු ජාතික සම්මේලනයේදි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් එහි ජනාධිපති අපේක්ෂකයා නම් කරන ලදි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නම් කරනු ලැබීය. එහි සභාපති මහාචාර්ය ජි.එල් පීරිස් මහතා විසින් මෙලෙස මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ නායකයා ලෙස යෝජනා කරන ලදි. සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය රැස්ව සිටි සියල්ලෝ එය අනුමත කළහ.‍

ම‍ෙහිදි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ සිය සහෝදරයා දැන් සැමගේ සහෝදරයා වී ඇති බවය. ගෝඨාභය රාජපක්ෂ මහතාද සභාව අමතමින් ප්‍රකාශ කළේ රටේ ස්වෛරීත්වය ආරක්ෂ කිරිමට තමන් කැප වන බවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය අද (11) පස්වරු 3ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගණයේදි ආරම්භ විය.

t

o

p