මඩාටුගම ගලතලාවක සගවා තිබු පුපුරණ ද්‍රව්‍ය පාර්සලයක් සොයා ගනී

August 11, 2019

මඩාටුගම ප‍්‍රදේශයේ ගල්තලාවක සගවා තිබූ පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් පාර්සලයක් අද (11) දහවල් ආරක්ෂක අංශ මගින් සොයාගෙන තිබේ.
 
මඩාටුගම මුස්ලිම් ගම්මානය පසුපස පිහිටි රක්ෂිතයක ඇති ගල්කන්දක ගල් කුහරයක් තුළ සඟවා තිබීයදී එම පාර්සලය සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබිණ. 
 
කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් කිසියම් අපරාධයක් සදහා යොදා ගැනීමේ අරමුණීන් මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය රහසිගතව මෙම ගල්තලාවේ සගවා තබන්නට ඇතැයි ආරක්ෂක සැක කරයි.

මීට මාස ගණනකට ඉහතදී එම ස්ථානයේ පාර්සලය සඟවන්නට ඇති බවට ද ආරක්ෂක අංශ අනුමාන කරයි. 

පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධෙයන් ක්‍රියාමාර්ගයක් ගැනීමට ආරක්ෂක අංශ සැලසුම් කරමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය මූලික විමර්ශන ආරම්භ කර තිබේ. 

t

o

p