Local News

එන්ගලන්තයේ කුණු මුතුරාජවෙලට අතහැරීමේ සුදානමක් පරිසරවේදින් හෙළිකරයි

එංගලන්තයේ සිට මෙරටට අපනයනය කර කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ආයතන භූමියක ගොඩ ගසා ඇති සෞඛ්‍ය ආරක්ෂක අපදාව්‍ය (health care waste), සායනික ආපදාව (clinical care waste)හොර රහසේ මුතුරාජවෙල වෙල අභය භූමිය වෙත මුදා හැරීමේ අවදානමක් තිබෙන බව පරිසර ගවේෂක, ප්‍රවීණ පුවත්පත් කතුවර තිලක් සේනාසිංහ මහතා අවධාරණය කරයි. රේගු නිලධාරීන් විසින් කන්ටේනර් 130 ක බහළු අපද්‍රව්‍ය මෙට්‍රික් Read More

විපක්ෂ නායක හා ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ. අද (23) පෙරවරුවේ විපක්ෂ නායකවරයාගේ විජේරාම නිල නිවසේදී මෙම හමුව පැවැත්වුණු බව විපක්ෂ නායක කාර්යාලය සදහන් කළේය. සාකච්ඡාව සඳහා මහින්ද රාජපක්ෂ මහතාට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ද සහභාගී වී Read More

හානිය තක්සේරු කිරීමෙන් පසු වන්දි ගෙවන බව ඇමති කියයි

පසුගිය ආපදා තත්වය නිසා නව දෙනෙක් මිය ගිය ගොස් ඇත. එයින් 06 සුළග නිසා ගස් කඩා වැටීම නිසා මියගිය අතර පාසැල් ළමුන් 02 නකු දියේ ගිළිම නිසා අවාසනාවන්ත ලෙස මිය ගියා. ගිණිගත්හේන ප්‍රදේශයේ කඩ කීපයක් නායයාම නිසා එක් අයකු මරණයට පත් වුණා. පවතින ආපදා තත්වය හේතුවෙන් බලපෑමට ලක්වීම නිසා පවුල් 56 ක් තවමත් ආරක්ෂිත ස්ථාන Read More

අයහපත් කාළගුණයට ඇමතිගෙන් ධීවරයන්ට උපදෙස් මලාවක්

අයහපත් කාලගුණ තත්වය ලබන 24 දින දක්වා පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හගවා ඇති බැවින් ධීවර රැකියාව සදහා යන සියළු ධිවරයින් වෙනුවෙන් හදිසි ආරක්‍ෂක උපදෙස් මාලාවක් ඊයේ සිට  ලබාදීමට කටයුතු කල බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .         රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ මෙම උපදෙස් මාලාව පිළිපැදීම අනිවාර්ය බවය Read More

එ.ජා.ප ජනාධිපති අපේක්ෂක තීරණය සියලු පක්ෂවල එකගතාවයෙන් ගැනීමට තීරණයක්

එක්සත් ජාතික පක්‍ෂයෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව තීරණය ගැනීම සියලු පක්‍ෂ වලින් සමන්විතව පිහිටවන ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ වල එකඟතාවයෙන් ගැනීමට ඊයේ   (22) රැස්වූ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළේය. ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි තීරණය කළ යුත්තේ සියලු පක්‍ෂ වලින් සමන්විත පුළුල් සන්ධානය පිහිටවීමෙන් අනතුරුව බවද මන්ත්‍රී කණ්ඩායමේ තීරණය විය. එහෙත් අමාත්‍ය Read More

ත්‍රස්තවාදයත් ඒ පිටුපස ඇති දෘෂ්ඨිවාදයත් පරාජය කළ යුතුයි

ත‍්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කළ යුතු සේම ඔවුන් පිටුපස ඇති දෘශ්ඨිමය මතවාදය ද පරාජය කළ යුතුයයි ඇමති චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ හලාවත සුදසුන ශාලාවේ පැවැති ජාතික මග හලාවත සමුළුවට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, පාස්කු ඉරිදා ප‍්‍රහාරයට මාස තුනක් ගෙවෙන Read More

පුජිත්ගෙන් හා හේමසිරිගෙන් ප්‍රකාශ සටහන් කරමින් සිටිනවා සිඅයිඩි ය දන්වයි

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වගකීම් පැහැර හැරීම සහ මිනීමැරුම් චෝදනා මත රිමාන්ඩ්බාරයේ සිට ඇප මත මුදාහැර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා බව රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (22) දන්වා සිටියේය. අදාළ Read More

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභයයි යෝජනාවක් මිනුවන්ගොඩදී සම්මත වේ

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් කමිටුවේ දී සම්මත කෙරිණි. එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවැති එම කමිටු රැස්වීමේ දී සම්මත වූ යෝජනාව ඉදිරි දිනවල දී හිටපු ජනාධිපති Read More

බලයට පැමිනීමට පෙරම ගෝටාගේ ගෝලයෝ ජනතාවට හයිරම් පෙන්වයි

ප්‍රභු ආරක්ෂක යන් ලෙස පැමිණ වැන් රථ රියදුරුට පහර දුන්නේ ගෝටාභය රාජපක්ෂගේ ගෝලයෙකු වන දිනේෂ් නුවන් අමරතුංග නැමැත්තා බව හෙළිව තිබේ ඔහු ගෝටාභය රාජපක්ෂගේ වෘත්තීය වේදින් සංවිධානය කරන තැනැත්තා ය මොහු නුවර ගොස් ඇත්තේද ගෝටාභය රාජපක්ෂගේ වෘත්තීය වේදින් ස්ංවිධානය කිරිමේ වැඩසටහනකටය බලයට පැමිණිමට්ස් පෙර ගෝටාභය ගේ බලය ගෙන ඔහුගේ ගෝලයන් මෙලෙස හැසිරෙනවා නම් ඔහු බලයට Read More

අර්ජුන ඇලෝසියස් ඇතුළු අට දෙනෙකුට ඇප

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවන් අට දෙනෙකුට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (19) නියෝග කළේය. කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත්ය කරනු ලැබීය. 2015 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන ලද බැඳුම්කර වෙන්දේසිය තුළින් Read More

t

o

p