Local News

සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට

සුඛෝපභෝගී මගී නෞකාවක් වන ක්‍රිස්ටල් සිම්පනි අද උදෑසන කොළඹ වරායට පැමිණ ඇත. අන්දමන් දූපත්හි සිට මගීන් 186 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 429 දෙනෙකු සමග මෙම නෞකාව කොළඹට පැමිණ ඇති අතර චීන, නෙදර්ලන්ත මෙන්ම ඇමරිකානු මගීන් මෙහි ගමන් කරන අතර, ඔවුන් කොළඹ සහ ගාල්ල යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතයි.

දණ්ඩනීති සංග්‍රහයේ 19 පරිච්ඡේදයට ගෙන ඒමට නියමිත සංශෝධන වහා අත්හිටුවන්න – පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය

දණ්ඩ නීති සංග්‍රහයේ 19 වන පරිච්ජේදය සංශෝධනය කිරීම සඳහා 2024 පෙබරවාරි 09 වැනි දින ගැසට් කොට ඇති පනත් කෙටුම්පත වහා අත්හිටුවන්නැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී. 1995 වසරේදී දණ්ඩනීති සංග්‍රහයට සිදු කරන ලද සංශෝධනයන්ට අනුව මෙරට අවුරුදු 16කට Read More

රුසියාවේ අගනගරයට දරුණු ත්‍රස්ත ප්‍රහාරයක්

රුසියාවේ මොස්කව් අගනගරයේ නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ Crocus City නාට්‍ය ශාලාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් 60ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැලෑ සටන් ඇඳුම් ඇඳගත් සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබමින් එම ශාලාවට ඇතුළ්වන අයුරු දැක්වෙන වීඩියෝ මේ වනවිට සමාජ මාධ්‍ය සංසරණය වේ. ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා තිබේ. ප්‍රදේශය කළු දුමාරයෙන් වැසී ගොස් Read More

පින්නවල අලිඅනාථාගාරයේ 76 වන අලි පැටවා උපත ලබයි

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට පත්‍ර වූ රඹුක්කන පින්න්නවල අලි අනාථාගාරයේ 76 වන අලි පැටවා පසුගිය ඉකුත් 20 දින උපත ලැබීය. ඒ් පින්නවල අලි අනාථාගාරයේ වයස 32 ක් වූ ශාන්ති කෙනෙරට සහ වයස අවුරුදු 19 ක් වූ පණ්ඩු හස්තියාට දාව මෙම අලි පැටවා උපත ලබා ඇත. පින්නවල අලි අනාථාගාරයේ සිදු වු ප්‍රථම අලි උපත සිදුව ඇත්තේ1984/07/05 Read More

ඉන්දියාව සහ පැරිස් සමාජයේ රටවල්වලින් ශ්‍රී ලංකාවට සහනයක්

ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 06ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ණය නැවත ගෙවීම ආරම්භ කළ පසු පොලිය ද අඩු කෙරෙතැයි අපේක්ෂා කෙරේ. එසේම ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාත්මක කර ඇති සැලසුම් සාර්ථකව ඉදිරියට යන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසාත්මකව Read More

සීඝ්‍රයෙන් පැතිර යන රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්

මෙරට පුද්ගලයින් අතර චර්ම රෝග තත්ත්වයක් විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අගවයි. ඔවුන් පවසන්නේ එම රෝගි තත්ත්වය මේ වන විට වසංගතයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවයි. වැඩිහිටියන් හා ළමුන් අතරද මෙම රෝගය වාර්තා වන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට මහතා සඳහන් කරයි.

මුදල් කාරක සභාවට අලුතින් තිදෙනෙක්

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ලෙස ඩයනා ගමගේ, මිලාන් ජයතිලක සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුද පත් කර ඇත. නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද මේ බව දැනුම් දුන්නේය.

ජනාධිපති සහ බැසිල් රාජපක්ෂ අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (21) රාත්‍රියේ සිදුවී තිබේ. එහිදී ජනාධිපතිවරණය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත සෙසු මැතිවරණ පිළිබඳ සහ දේශපාලන කටයුතු පිළිබඳව දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරුවී ඇත. ඉදිරි මැතිවරණයන්ට අදාළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇති බව දේශපාලන Read More

කථානායකට එරෙහි විශ්වාසභංගය පරදියි

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) වැඩි ඡන්ද 42 කින් පරාජයට පත්විය. විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 75ක් සහ විරුද්ධව ඡන්ද 117ක් හිමිවිය. මන්ත්‍රීවරුන් කිසිවෙක් ඡන්දය දීමෙන් වැළැකී සිටියේ නැත. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය දින තුනක් පුරා සිදුකෙරුණි.

පනත් දෙකකට කතානායක සහතිකය

පාර්ලිමේන්තුවේදී පසුගිය දිනවල සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් දෙකක් සඳහා කතානායකවරයා ඊයේ (20) සිය සහතිකය සටහන් කළ බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය. සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත් වලට කථානායකවරයා මෙසේ සිය සහතිකය සටහන් කර ඇත. ඒ අනුව, උක්ත පනත් කෙටුම්පත් Read More

t

o

p