Local News

මන්නාරම් මාර්ගයේ ගමනා ගමනය නැවත දැනුම් දෙනතුරු නවතා දැමේ

කඳුකර පෙදෙස් වලට පවතින අධික වර්ෂාවත් සමඟ ගලා එන ජලය හේතුවෙන් කළාඔයේ ජල මට්ටම  ලෙස ඉහල  ගොස් ඇති බැවින් පවතින අවදානම හේතුවෙන් පුත්තලම මන්නාරම මාර්ගයේ ගමනා ගමනය නැවත දැනුම් දෙනතුරු නවත්වා  ඇතැයි  පුත්තලම ආපදා කළමණාකරන ඒකකය කියයි. විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් මන්නාර මාර්ගයට ගමන් ගන්නා පුත්තලම පිවිසුම වන එළුවන්කුලම ක්‍රොස්වේ , සපත්තු පාලම  මතින් Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කොළඹ ප‍්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. ඒ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙනි. ඒ අනුව ඔක්තෝබර් 19 වන සෙනසුරාදා රාතී‍්‍ර 09.00 සිට ඉරිදා පස්වරු 03.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. කොළඹ 13, 14 , 15 ප‍්‍රදේශ ඊට ඇතුලත්ය. කොටුව, පිටකොටුව සහ කොළඹ 9 ප‍්‍රදේශයන්ට Read More

අසත්‍ය ප්‍රචාරයක් ගැන පොහොට්ටුවෙන් පැහැදිලි කිරීමක්

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡයාරූපයක් සමඟ නැගෙනහිර දේශපාලඥයෙකු ඡායාරූපයක් එක්කොට ඒකාබද්ධ ප්‍රචාරණ ව්‍යාපෘතියක් යන පරිද්දෙන්  සැකසු පොස්ටරය අසත්‍ය ප්‍රචාරයක් බව පොදුජන පෙරමුණ පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.   දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන්ම සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.   නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇති වේ.   මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ, බස්නාහිර සහ ඌව පළාත්වලත් Read More

මට්ටක්කුලියේ මෝටර් රථයක් ගැන අසත්‍ය ප්‍රචාරයක්

මට්ටක්කුලිය පොලිස් වසමේ ක්‍රිස්තියානි පල්ලියක් සහ ඊට යාබදව ඇති පාසලක් අසල සැකකටයුතු වාහනයක් තිබෙන බවට මට්ටක්කුලිය පොලිස් ස්ථානයට තොරතුරක් ලැබි ඇත.  අනතුරුව ඒ පිළිබඳව පොලීසිය විසින් පරීක්ෂා කර ඇති අතර එහිදි සුඛෝපභෝගී මෝටර් රථයක් හමු වු බවත් එහි කාර්මික දෝෂයක් ඇති වු බැවින් ඊයේ (15) රාත්‍රීයේ එම ස්ථානයේ සිය මෝටර් රථය තබා ගිය බව එම Read More

සජිත්ගේ ජය සහතික කරන්න ශ්‍රීලනිප 44ක් එක්වෙති

පොහොට්ටුවට පාවාදීම හේතුවෙන් දියවී විනාශ වී යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් රැකගැනීමට සජිත් ප්‍රේමදාස මහතා හා එක්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හා සංවිධායකවරුන් 44 දෙනෙක් ප්‍රකාශ කළහ. හිටපු නියෝජ්‍ය ඇමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක වික්ටර් ඇන්තනී පෙරේරා, වයඹ පළාත් සභාවේ හිටපු ධීවර ඇමැති එස්. තිසේරා, ඌව පළාත් සභාවේ Read More

විශ්‍රාම යාමෙන් පසුවත් නිල නිවස ජනපතිටම

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැනට භාවිත කරන, කොළඹ 07, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස විශ‍්‍රාම ගැනීමෙන් පසුව ද ඔහුට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි. විශ‍්‍රාමික ජනාධිපතිවරයෙකුට ව්‍යවස්ථානුකූලව ලබාදිය යුතු සියලූ වරප‍්‍රසාදවලට අමතරව මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්‍ෂාව සදහා විශේෂ  කාර්ය බලකාය ලබාදීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කරයි.

වත්මන් පාලකයින්ගේ නොහැකියාව

මාතර අකුරැස් ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජනතාවගේ අපේක්ෂාව සහ පාලකයාගේ අපේක්ෂාව සමපාත වන නව පාලනයක් රටට අවශ්‍ය බව පවසයි. ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂකවරයා පෙන්වා දෙන්නේ රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට වත්මන් පාලකයින්ට හැකියාවක් නොමැති බවද සදහන් කරයි.

ප්‍රදේශ තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම්

බදුල්ල දිස්ත්‍රික්කයට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාවත් සමග හල්දුම්මුල්ල, ඇල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඉදිරි පැය කිහිපය තුල දිවයිනේ බස්නාහිර , සබරගමුව , මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථාන වල මිලිමීටර් 100 ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව Read More

අණ නොතකා ධාවනය කළ ජීප් රථයකට වෙඩි

පොලිස් අණ නොතකා ධාවනය කල සුරාබදු නිලධාරීන් පිරිසක් ගමන්ගත් ජීප් රථයකට කිලිනොච්චිය අරවියල් නගර් ප්‍රදේශයේදී පොලීසිය විසින් වෙඩි තබා ඇත.  සුරාබදු ඒකකයට තොරතුරු සපයන පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව පොලිසිය අදාළ ජීප් රථය නවත්වන ලෙස අණ කර ඇතත් එය නොනවත්වා Read More

t

o

p