මට්ටක්කුලියේ මෝටර් රථයක් ගැන අසත්‍ය ප්‍රචාරයක්

October 16, 2019

මට්ටක්කුලිය පොලිස් වසමේ ක්‍රිස්තියානි පල්ලියක් සහ ඊට යාබදව ඇති පාසලක් අසල සැකකටයුතු වාහනයක් තිබෙන බවට මට්ටක්කුලිය පොලිස් ස්ථානයට තොරතුරක් ලැබි ඇත.

 අනතුරුව ඒ පිළිබඳව පොලීසිය විසින් පරීක්ෂා කර ඇති අතර එහිදි සුඛෝපභෝගී මෝටර් රථයක් හමු වු බවත් එහි කාර්මික දෝෂයක් ඇති වු බැවින් ඊයේ (15) රාත්‍රීයේ එම ස්ථානයේ සිය මෝටර් රථය තබා ගිය බව එම මෝටර් රථයේ හිමිකරු විසින් පැවසු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.   අද (16) උදෑසන මෙම මෝටර් රථය මෙලෙස මාර්ග අසල නවතා දමා තිබු බැවින් පාසල් පැමිණි සිසුන් මෙන්ම දෙමාපියන්ද කලබලයට පත් වි ඇත.

පසුව එම ස්ථානයට මෝටර් රථයේ හිමිකරුද පැමිණ ඇති අතර එම මෝටර් රථය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිර යමින් පවතී.   මේ සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කළ බවත් අදාල මෝටර් රථයේ කිසිදු සැකකටයුතු තත්ත්වයක් නොමැති බවත් පොලිසිය අවධාරණය කරයි. 

t

o

p