මන්නාරම් මාර්ගයේ ගමනා ගමනය නැවත දැනුම් දෙනතුරු නවතා දැමේ

October 18, 2019

කඳුකර පෙදෙස් වලට පවතින අධික වර්ෂාවත් සමඟ ගලා එන ජලය හේතුවෙන් කළාඔයේ ජල මට්ටම  ලෙස ඉහල  ගොස් ඇති බැවින් පවතින අවදානම හේතුවෙන් පුත්තලම මන්නාරම මාර්ගයේ ගමනා ගමනය නැවත දැනුම් දෙනතුරු නවත්වා  ඇතැයි  පුත්තලම ආපදා කළමණාකරන ඒකකය කියයි.

විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් මන්නාර මාර්ගයට ගමන් ගන්නා පුත්තලම පිවිසුම වන එළුවන්කුලම ක්‍රොස්වේ , සපත්තු පාලම  මතින් අද  (18)  වන විට අඩි පහකට ආසන්න ජල කදක් ගලා යාම සිදුව බවද අපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

t

o

p