සත්වෝද්‍යාන වසා දැමේ
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සියලුම සත්වෝද්‍යාන වසාදැමීමට තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක කියා සිටියේ.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සියලුම සත්වෝද්‍යාන වසාදැමීමට තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක කියා සිටියේ.
රත්මලාන ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත කාන්තාවක් ඊයේ(16) සොයා ගෙන ඇත. රත්මලාන කඳවල පාර, සඳුන්ගම රතුකුරුස නිවාස සංකීර්ණයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ. මෙම කාන්තාව දෙහිවල කරගම්පිටිය ඉරිදා පොළේ මාළු වෙළදාමේ නිරත වූ කාන්තාවක් බව සෞඛ්‍ය අංශ පවසයි. ආසාදිත කාන්තාව සොයා ගැනීමත් සමඟ ඇයගේ ආශ්‍රිතයන් නිරෝධායනය සඳහා Read More
කෑගල්ල දිස්ත්‍රික්කයේ ගම්මාන 6ක් සඳහා තාවකාලිකව සංචරණ සීමා පැනවූ බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සඳහන් කරයි. රඹුක්කන ප්‍රදේශයේ කාන්තාවක් කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව එම තීරණය ගත් බව වෛද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා. සංචරණ සීමා පැනවීමට කටයුතු කළ ගම්මන වන්නේ ‘ ඊරියගොල්ල, ඇඹුල්අඹේ, පිංහේන, අලවත්ත, බොරළුව, කිරිවල්ලාපිටිය යන ගම්මාන 6 යි. කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මේ Read More
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන මාධ්‍යවේදියෙකු පසුගිය ඔක්තෝම්බර් 13 වැනි දින පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවී ඇති බවත් ඒ හා සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කෙරන බව සෞඛ්‍ය අංශ විසින් සදහන් කර තිබේ.
කොළඹ මහ නගර සභාවෙන් සේවා ලබා ගැනීම සදහා භාරදිය යුතු සියලු අයැදුම්පත් කොළඹ නගර සභාවේ ප්‍රධාන ගොඩනැගිල්ල අසල පිහිටි සපිරි පියස කවුළුවට භාර ගන්නා බව නගර සභාවේ පාලනාධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ප්‍රධාන කාර්යාලයට ඇතුලුවීමෙන් වළකින්නැයි ජනතාවට දැනුම් දෙන බවත් , ඔක්තෝබර් 31 වනදා දක්වා මෙම සේවාව ක්‍රියාත්මක වනු ඇති බවත් අදාළ නිවේදනයෙහි Read More
දිවයිනේ සියලු සිනමා ශාලා මෙම මස 31 වැනිදා තෙක් තාවකාලිකව වසා තබන බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පවසයි. රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව මෙම තීරණය ගෙන තිබේ.
ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දූරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැලැඳීම ඇතුළු ප්‍රධාන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් සහිත නව නිරෝධායන නීති ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරිණි. මෙම ගැසට් නිවේදනයට සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ දහවල් අස්සන් තැබූ අතර අදාළ සෞඛ්‍ය නීති කඩ කරන පුද්ගලයන්ට මෙම ගැසට් නිවේදනය අනුව රුපියල් 10000කට නොවැඩි දඩ Read More
කොළඹ, මරදාන ප්‍රදේශයේ ටි.බී.ජයා මාවතේ පිහිටි මෙම පෞද්ගලික බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ දකුණු ගොඩනැගිල්ලේ 19 වන තට්ටුවේ සේවයේ නියුතු අයෙකු මෙලෙස කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. ඒ අනුව එම කාර්යාලයේ සේවයේ නියුතු සියළු සේවක සේවිකාවන් ස්වයං නිරෝධායනට යොමු කොට ඇති බවත් ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් විෂබීජ හරණයට ලක් කිරිමට පියවර ගෙන ඇත.
2020 ඔක්තෝබර් 31වන දින තෙක් සියලු ම සිනමා ශාලා තාවකාලිකව වසා තැබීමට තීරණය කළ බව ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පවසනවා. දැනට පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් පරිදි මෙම තීරණය ගත් බව ඔහු පැවසුවා.
මෙම වසර සඳහා දේශපාලන පක්ෂ 06ක් ලියාපදිංචි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තිරණය කර තිබෙන බව වාර්තා වෙයි. අරුණළු ජනතා පෙරමුණ, ජනතා සේවක පක්ෂයෙ, නව ප්‍රජාතන්ත්‍රවාදී මාකස් ලෙනින්වාදී පක්ෂය සහ සමත්තුව කච්චි යන පක්ෂ ලියාපදිංචි කිරීමට තිරණය කර ඇති අතර ම්ට අමතරව පිවිතුරු හෙළ උරුමය සහ සිංහල රාවය ද ලියාපදිංචි කිරීමට තීරණය කර ඇති අතර සිංහල Read More
t
o
p