කෑගල්ලේ ගම් 6කට සංචරණය සීමා කරයි

October 17, 2020

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගම්මාන 6ක් සඳහා තාවකාලිකව සංචරණ සීමා පැනවූ බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සඳහන් කරයි.

රඹුක්කන ප්‍රදේශයේ කාන්තාවක් කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව එම තීරණය ගත් බව වෛද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

සංචරණ සීමා පැනවීමට කටයුතු කළ ගම්මන වන්නේ ‘ ඊරියගොල්ල, ඇඹුල්අඹේ, පිංහේන, අලවත්ත, බොරළුව, කිරිවල්ලාපිටිය යන ගම්මාන 6 යි.

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මේ වනවිට කොවිඩ් -19 රෝගීන් 15 දෙනෙකු වාර්තා වී තිබේ. දිස්ත්‍රික්කය පුරා 636 දෙනෙකු නේවාසික නිරෝධායන කටයුතු සඳහා යොමුකර තිබේ.

t

o

p