සිනමා ශාලාත් වසා දමයි

October 16, 2020

දිවයිනේ සියලු සිනමා ශාලා මෙම මස 31 වැනිදා තෙක් තාවකාලිකව වසා තබන බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පවසයි.

රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව මෙම තීරණය ගෙන තිබේ.

t

o

p