Local News

උපාධි සිහිනය බොඳ කළ සරසවි ජ්‍යෙෂ්ඨයින් 05 ක් අත්අඩංගුවට

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුගේ හිසට ටයරයක් වැදී බරපතල තුවාල සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස අතර ටයරය තල්ලුකළ බව කියන සිසුවාද සිටින බවයි පොලීසිය වැඩිදුරටත් පවසන්නේ. ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින මිනුවන්ගොඩ, දෙවලපොල පදිංචි පසිදු හිරුෂාන්ගේ තත්ත්වය ඊයේ දිනයේ යහපත් අතට හැරෙමින් තිබුණ ද අද එම Read More

නාම යෝජනා බාර ගන්නා කාලය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගන්නා කාලය තුළ විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.   ඒ අනුව 2020.04.25 වන දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම අද(12) සිට ලබන 19 වනදා දහවල් 12 දක්වා දිවයිනේ පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාල 22 ක දී සිදු කෙරේ.   Read More

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වළැක්වීම සඳහා උපරිම සහය දෙන්න

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට මෙරටින් වාර්තා වී ඇත.   මේ අතර රට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කරන නිරෝධායන ක්‍රියාවලිය සඳහා උපරිම සහාය දක්වන්නැයි පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.  සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  සඳහන් කරන පරිදි අදාළ ශ්‍රී ලාංකිකයා ඉතාලියේ සිට මෙරටට Read More

ශ්‍රී ලාංකික මාර්ගෝපදේශකයාටත් කොරෝනා

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇත. වයස අවුරුදු 52ක් වන මෙම පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙක් වන අතර ඔහු සංචාරක මගපෙන්වන්නෙකු බවද වාර්තාවේ.   ඉකුත් දිනවලදී මෙම පුද්ගලයා ඉතාලියෙන් පැමිණි සංචාරකයින් පිරිසකට මගපෙන්වා ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

ජනාධිපති කාර්යාලය දැන් ජනතාවට විවෘතයි

පැරණි පාර්ලිමේන්තුව හෙවත් වර්තමාන ජනාධිපති කාර්යාලය මාර්තු 14 සෙනසුරාදා සිට සෑම සති අන්තයකම පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා නැරඹීමේ අවස්ථාව මහජනතාවට හිමි වෙයි. නැරඹීමට එන අයට ඡායාරූප ගැනීමට ද අවස්ථාව තිබේ. අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) නමට ලිපියක් 011-2441685 ෆැක්ස් අංකයට යොමු කිරීමෙන් හෝ අංක 011-2354354 ඇමතීමෙන් වේලාව වෙන්කර ගත හැකිය. පැරණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ශ්‍රී ලාංකේය Read More

නියගයෙන් පීඩාවට පත්වූ කුඩා තේ වතු හිමියන්ට සහනාධාර ලබාදෙන්න

පවතින නියං සහිත තත්වයෙන් පීඩාවට පත්වූ කුඩා තේවතු හිමියන්ට සහනාධාර ලබාදීමට රජය කිසිදු අවධානයක් යොමු නොකිරීම කණගාටුවට කරුණක් බවත්, වහාම ඔවුන්ට සහනාධාර ලබාදීමට රජය පියවර ගත යුතු බවත් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව අවධාරණය කරන අතර එම නිවේදනය මෙසේය. පවතින අයහපත් කාලගුණික තත්වය නිසා Read More

මිළ සුත්‍රය තිබුනා නම් ඉන්ධන මිල රු.20 කින් අඩුකර බස් ගාතු ද අඩු කරන්න හැකිව තිබුණා

යහපාලන රජය විසින් ජනතාවට සහන සැලසීම සඳහා පැවති ඉන්ධන මිල සූත්‍රය මෙවන තෙක් ක්‍රියාත්මක වූයේ නම් සෑම ඉන්ධන වර්ගයකම මිළ අවම වශයෙන් රුපියල් 20කින් අඩුකර ඒ හරහා බස් ගාස්තු හා ත්‍රී වීල් ගාස්තු ද අඩුකර අඩුකර ජනතාවට සහන ලබාදී ජීවන වියදම් අඩු කිරීමට හැකියාවක් තිබිණු බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.  ලෝක වෙළඳපොලේ Read More

එක්සත් ජාතික පෙරමුණ සමතයකට පත්කිරීමට කරු මැදිහත්වෙයි

එක්සත් ජාතික පෙරමුණ ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරිමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මේ වන විට පැන නැගී තිබෙන මත ගැටුමට අදාළ දෙපාර්ශවය අතර සාකච්ඡාවක් හිටපු කථානායක කරු ජයසුරිය මහතාගේ මැදහත් වීමෙන්  ඒ් මහතාගේ බම්බලපිටියේ පිහිටි නිවසේදී පැවැත්විණි. පෙර දින පැවති සාකච්ඡාව සඳහා දෙපාර්ශවයේ දේශපාලන නියෝජිතයන්ද අද පෙරවරුවේ පැවති සාකච්ඡාව සඳහා දෙපාර්ශවයේ නීතිඥවරුද සහභාගි වුහ. Read More

ජපුර සිසුවා අනතුරට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව පළමු වසර සිසුවෙකුගේ හිසට ට්‍රැක්ටර් ටයරයක් පතිත කරවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පරීක්ෂණ ආරම්භ කර තිබේ.  එහිදී කිසියම් පාර්ශවයක් වැරදිකරුවන් බවට පත්වුවහොත් විනය ක්‍රියාමාර්ග පවත්වා පන්ති තහනම් සහ දඬුවම් දීමට පියවර ගනු ඇත.

මීගමුවේ හෝටල් සේවකයෙක් මරුට

මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණි පිරිසක් අතර ඇති වු ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට පත්ව ඇත.  පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණි 6 දෙනෙකුගෙන් යුත් පිරිසක් විසින් එම හෝටලය තුළ දී මත්පැන් පානය කිරීමට උත්සහ කිරීමේ දී හෝටල් හිමිකරු සහ සේවකයින් සමඟ ආරවුලක් ඇතිව තිබේ.   පහර කෑමට ලක්වු හෝටලයේ හිමිකරු ඇතුළු සිව් දෙනෙක් බරපතළ Read More

t

o

p