එක්සත් ජාතික පෙරමුණ සමතයකට පත්කිරීමට කරු මැදිහත්වෙයි

March 10, 2020

එක්සත් ජාතික පෙරමුණ ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරිමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මේ වන විට පැන නැගී තිබෙන මත ගැටුමට අදාළ දෙපාර්ශවය අතර සාකච්ඡාවක් හිටපු කථානායක කරු ජයසුරිය මහතාගේ මැදහත් වීමෙන්  ඒ් මහතාගේ බම්බලපිටියේ පිහිටි නිවසේදී පැවැත්විණි.

පෙර දින පැවති සාකච්ඡාව සඳහා දෙපාර්ශවයේ දේශපාලන නියෝජිතයන්ද අද පෙරවරුවේ පැවති සාකච්ඡාව සඳහා දෙපාර්ශවයේ නීතිඥවරුද සහභාගි වුහ.

සමතයකට මැදහත් වන්නැයි දෙපාර්ශවය විසින්ම හිටපු කථානායකවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව පැවති මෙම සාකච්ඡාවන්හිදී  මේ දක්වා අවසන් තීරණයකට ඒළඹ නොමැති නමුත් දෙපිරිසටම අවංක වුවමනාවක් පවතින්නේ නම්  සමතයකට පැමිණිම සඳහා තව දුරටත් මැදහත්ව කටයුතු කිරිමට තමා පසුබට නොවන බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

t

o

p