මීගමුවේ හෝටල් සේවකයෙක් මරුට

March 10, 2020

මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණි පිරිසක් අතර ඇති වු ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට පත්ව ඇත. 

පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණි 6 දෙනෙකුගෙන් යුත් පිරිසක් විසින් එම හෝටලය තුළ දී මත්පැන් පානය කිරීමට උත්සහ කිරීමේ දී හෝටල් හිමිකරු සහ සේවකයින් සමඟ ආරවුලක් ඇතිව තිබේ.  

පහර කෑමට ලක්වු හෝටලයේ හිමිකරු ඇතුළු සිව් දෙනෙක් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී එක් සේවකයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

t

o

p