Local News

ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට එකම කාර්ය පටිපාටියක්

දිවයින පුරා පිහිටි සියලු ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල එකම කාර්ය පටිපාටියක් අනුගමනය කරන පරිදි නීති ප්‍රතිසංස්කරණය කිරීමට රජයේ අවධානය යොමුවෙයි. එහිදි විධිමත් ලියාපදිංචි කිරීමක් හා සුපරීක්ෂණ ක්‍රමවේදයක් හදුන්වා දීමට නියමිතයි. ඒ වෙනුවෙන් ළමා දිවා සුරැකුම් පහසුකම් පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව අන්තර්වාර රජයක් පිහිටුවීමට පියවර ගන්නා බව බංග්ලාදේශ ජනාධිපතිවරයා නිවේදනය කරයි. මේ අතර සිරගතකර සිටින බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය බෙගම් ඛලීඩා ෂියා නිදහස් කිරීමටයි ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් නියෝග කර ඇත. බංග්ලාදේශ අගමැතිනි ශෙයික් හසීනා ඊයේ සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ජාතිය ඇමතූ එරට හමුදා ප්‍රධානියා බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයක් ඊයේ ප්‍රකාශයට පත්කර තිබේ. රටපුරා ප්‍රචණ්ඩත්වය Read More

රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට කැබිනට් අනුමැතිය

රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා එම ආයතනයන්වල පරිගණක තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ සඳහා රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළුව සියලුම රජයේ ආයතන මඟින් නියාමනය කරනු ලබන සහ සංවර්ධනය කරනු ලබන තොරතුරු තාක්ෂණ පද්ධති සඳහා දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙන Read More

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම 9 දා තෙක් දික් කරයි

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය ලබන 9 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඊයේ (05) දිනයෙන් අවසන් වූ අතර ලැබුණු ඉල්ලීම් සලකා බැලීමෙන් පසුව මෙම 9 වැනිදා දක්වා අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කළ බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපතිවරණ තැපැල් ඡන්ද සඳහා අයදුම්කරුවන්ට ලියාපදිංචිය සඳහා අයදුම්පත්‍ර කොමිසමේ Read More

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (06) සිට 9 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. මේ අනුව අද (06) වැනි දා පෙරවරු 9.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමටයි තීරණය ඇත. අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය ‍විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව ‘මාතර නිල්වලා ග‍‍ඟ Read More

උතුරු ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාර

ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ ගම්මාන කීපයකට එල්ල කළ ප්‍රහාරවලට පිළිතුරු වශයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරු ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා අංශ සාමාජිකයන් දෙදෙනකුට තුවාලවූ බවත් ඉන් ගින්නක් ඇතිවූ බවත් ඊශ්‍රායල ආරක්ෂක අංශය ප්‍රකාශ කළේය.

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (05) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.33ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.65ක් ලෙස පහළ ගොස් තිබේ. අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි. ලංකා Read More

කුරුණෑගල, මාතලේ සහ මොණරාගල එළවළු ගොවීන්ට නොමිලයේ පොහොර

කටාර් චැරිටී සංවිධානය විසින් කුරුණෑගල, මාතලේ සහ මොණරාගල දිස්ත්‍රික්කවල එලවළු වගාවේ නිරතවන අඩු ආදායම්ලාභී පවුල්වල ගොවීන් 3476කට නොමිලයේ යුරියා, මඩ‌ පොහොර හා බණ්ඩි පොහොර ලබා දීමට කටයුතු යොදා ඇත. මෙම පොහොර තොගය නිල වශයෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට බාර දිම පසුගියදා සිදුවිය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම වැඩ Read More

උරුමය ඔප්පු ලබාදීම අත්හිටුවයි

බලපත්‍ර ඉඩම් හිමි ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා දේශපාලඥයන් සහභාගි කරගෙන පවත්වන උත්සව ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන් වනතුරු අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇත. එමෙන්ම, උරුමය, අස්වැසුම ආදී වැඩසටහන්වල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කෙරෙන සාමාන්‍ය රාජකාරි කටයුතු සහ සංවර්ධන කටයුතුද දේශපාලඥයන් හෝ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය නොවන Read More

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද මැදියම් රැයෙන් අවසන්

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සඳහා මෙතෙක් ඉල්ලුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන් අද (05) තමන්ට ආසන්නතම මැතිවරණ බල ප්‍රදේශයේ දිස්ත්‍රික් කාර්යාලවලට ගොස් ඉල්ලුම්පත් භාර දෙන ලෙස මැතිවරණ කොමිසම පවසයි. මෙතෙක් අයදුම් කිරීම නොහැකි වූ අයදුම්කරුවන් තැපැල් ඡන්ද අයදුම්පත් තැපෑලට යොමු නොකරන අතින් ගොස් භාරදෙන ලෙස ද කොමිසම දන්වා සිටියි. 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම් කිරීම අද Read More

t

o

p