තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද මැදියම් රැයෙන් අවසන්

August 5, 2024

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සඳහා මෙතෙක් ඉල්ලුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන් අද (05) තමන්ට ආසන්නතම මැතිවරණ බල ප්‍රදේශයේ දිස්ත්‍රික් කාර්යාලවලට ගොස් ඉල්ලුම්පත් භාර දෙන ලෙස මැතිවරණ කොමිසම පවසයි.

මෙතෙක් අයදුම් කිරීම නොහැකි වූ අයදුම්කරුවන් තැපැල් ඡන්ද අයදුම්පත් තැපෑලට යොමු නොකරන අතින් ගොස් භාරදෙන ලෙස ද කොමිසම දන්වා සිටියි. 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම් කිරීම අද (05) න් අවසන් වන බව මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ. තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයිද මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් පැවැසීය.

t

o

p