Local News

කුවේට් සිට පැමිණි 300කට ආසන්න පිරිසකට කොරෝනා

කුවේට්හි සිට මව්බිමට ගෙන්වා ගැනුනු කණ්ඩායමෙන් 300කට ආසන්න පිරිසකට නව්‍ය කොරෝනා ආසාධනය වී ඇතැයි මේ වන විට තහවුරු වී තිබෙනවා. කුවේට්හි ඇතැම් හාම්පුතුන් තමන් යටතේ සේවය කළ අය රෝගීවූ පසු නිවෙස්වලින් පලවා හැර ඇති බවත් ඔවුන්ව එරට රැදවුම් මධ්‍යස්ථානවල සිටව ඇත්තේ සාමූහිකවයි. නව්‍ය කොරෝනා වෛරසය ඔවුන්ට ආසාධනය වී ඇත්තේ ඒ අනුව බව සැකකෙරෙනවා. 

මැයි 31 මුළු දිවයිනටම ඇඳිරි නිතිය පැනවේ

ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කර සිටිනවා. ඒ අනුව මැයි 31 ඉරිදා,දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. ජූනි 01 සඳුදා සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය බලපවත්වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වාය. Read More

එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩල විශේෂ රැස්වීමක් හෙට (29)

සමගි ජන බලවේගයන් මහ මැතිවරණයට නාම යෝජනා දී නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වන පිරිස පිළිබඳව ගන්නා පියවර සාකච්ඡා කිරීමේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල විශේෂ රැස්වීමක් හෙට (29)පැවැත්වෙන බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය . පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මෙම විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත් Read More

දිස්ත්‍රික්ක 07කට නායයාම් අනතුරු

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික් 07 කට බල පැවැත්වෙන පරිදි  නායයාම් අනතුරු ඇගවීමක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.   ඒ අනුව අද (27) සිට හෙට (28) දක්වා රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාව මේ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස එම සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.

රටට ඡන්දයක් අවශ්‍යයි

රටට ඡන්දයක් අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ නැහැ ඡන්දයක් තියන්න එපා කියලා. නමුත් මේ අවස්ථාවේ ඊට වඩා අපි ජනතාව ගැන සිතිය යුතුයි. අපි ජනතාව ආරක්ෂා කළ යුතුයි. ඒනිසා කොරෝනා සහමුලින්ම  නැතිකරලා, ඡන්දයක් ගැන හිතුවොත් තමයි වඩාත් යහපත් වන්නේ. සෞඛ්‍ය අංශ කියන්නෙත් කොරෝනා තර්ජනය අවසන් වීමෙන් පසුව ඡන්දයකට යාම සුදුසුයි කියලයි. අනිත් අය වගේ එක්සත් ජාතික Read More

හිටපු ඇමති තොණ්ඩමාන් මහතාගේ අවසන් කටයුතු ඉරිදා

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ආරුමුගම් තොන්ඩමාන් මහතාගේ දේහය අද (27) පෙරවරු 11.00 සිට බත්තරමුල්ල ඔහුගේ නිවසේ තැන්පත් කෙරුණි. හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් තලංගම රෝහලට ඇතුළත් කෙරුණු තොන්ඩමාන් මහතා ඊයේ (26) රාත්‍රී අභාවප්‍රාප්ත විය. මිය යන විට තොන්ඩමන් මහතා 55වැනි වියෙහි පසුවිය.   ආරුමුගන් තොණ්ඩමාන් මහතාගේ අවසන් කටයුතු ලබන ඉරිදා(31) රාජ්‍ය Read More

විශ්‍රාමික පොලිස් අධිකාරී ක්ලෙමන්ට් ප්‍රනාන්දු රිමාන්ඩ්

පසුගිය මැයි 07 වෙසක් පුන් පෝදා මීගමුව,පෙරියමුල්ලේ දී මැක්ස් නම් සුනඛයා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එදිනම ඇප මත නිදහස් කරන ලද  විශ්‍රාමික පොලිස් අධිකාරී ක්ලෙමන්ට් ප්‍රනාන්දු මෙම 29 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රාජින්ද්‍රා ජයසූරිය මහත්මිය මැයි 26දා (අද)නියෝග කළාය. මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ ජනාධිපති Read More

ඉදිරි දිනකීපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

ඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලව දැනට පවතින වැසි තත්වයේ වැඩිවීමක් 2020 මැයි මස 26 දින සිට 29 දින දක්වා බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ සදහන් කර ඇති අතර විශේෂයෙන්ම Read More

හිටපු මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පක්‍ෂයෙන් ඉවත් කිරීමට ක්‍රියා නොකරන ලෙස දැනුම්දීමක්

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්‍ෂයෙන් නාමයෝජනා බාර දී එක්සත් ජාතික පක්ෂයට නැවත එක් වීමට කැමැත්ත පළ කර සිටින හිටපු මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පක්‍ෂයෙන් ඉවත් කිරීමට ක්‍රියා නොකරන ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නීති අංශයට ඊයේ (25) දැනුම් දුන්නේය. සමගි ජන බලවේගයෙන් නාමජෝජනා භාර Read More

ගංගාද්‍රෝණි රැසකට ගංවතුර අවධානමක්

ඉදිරි දින කීපය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වු වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (25) දින නිවේදනය කරන ලදී. මෙම නිවේදනයේ සදහන් කරුනු සළකා බලා ගංගා ද්‍රෝනි කීපයකට ගංවතුර අවදානම් තත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත. Read More

t

o

p