එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩල විශේෂ රැස්වීමක් හෙට (29)

May 28, 2020

සමගි ජන බලවේගයන් මහ මැතිවරණයට නාම යෝජනා දී නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වන පිරිස පිළිබඳව ගන්නා පියවර සාකච්ඡා කිරීමේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල විශේෂ රැස්වීමක් හෙට (29)පැවැත්වෙන බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය .

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මෙම විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත් වෙයි .

එක්සත් ජාතික පක්ෂයේ සිත සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දෙන සමගි ජන බලවේගයෙන් නාම යෝජනා භාර දුන් හිටපු මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී කරුණු සාකච්ඡා කරන බව මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ ය .

ඊට අමතරව කොරෝනා වසංගතයේ හමුවේ ඉදිරි මහ මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කෙරෙන ආකාරය ගැන ද හෙට පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී කරුණු සාකච්ඡා කෙරෙනු ඇත .

නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කෘත්‍යාධිකාරී මණ්ඩලය සංවිධාන කරන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානය ට උපදෙස් ලබා දී තිබේ .

අංජුල මහික වීරරත්න

t

o

p