පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්රික් 07 කට බල පැවැත්වෙන පරිදි නායයාම් අනතුරු ඇගවීමක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව අද (27) සිට හෙට (28) දක්වා රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, කළුතර සහ මාතර දිස්ත්රික්කවල ජනතාව මේ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස එම සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.