Local News

මේ පාලන ක‍්‍රමවේදය තුළ කාන්තාවන් වෙනුවෙන් හඬ නැගීමට කෙනෙක් නෑ

– රංගන ශිල්පිනි දීපානි ද සිල්වා සමාජයට යම් අසාධාරණයක් සිදු වන විට, බිය සැක නොමැතිව ඒ වෙනුවෙන් පෙනී සිටින බව ප‍්‍රවීණ රංගන ශිල්පිනී, දීපානි සිල්වා ඊයේ (21) පොදු අපේක්‍ෂක මෙහෙයුම් කාර්යාලයේ පැවති කාන්තා අභිමානි පුවත්පත් සාකච්ඡාවට එක්වෙමින් ප‍්‍රකාශ කළේය.

රනිල් – සිරිසේන හොර ගිවිසුම ජාතිය පාවාදීමේ මහා කුමන්ත්‍රණයක් බව එජාප හිටපු මහලේකම් ගෙන් හෙළිදරව්වක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂය සමඟ අභ්‍යන්තර අත්සන් කල ගිවිසුමෙන් උතුරු පළාතේ රඳවා ඇති හමුදාව සියයට 50 දක්වා අඩු කරමින් සියලු අධි ආරක්ෂිත කලාප ඉවත් කරන බවද 13වැනි සංශෝධනය ඉක්මවා යන බලය  බෙදා දීමක් සිදුකිරීමට එකඟ වී ඇතැයි එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අනාවරණය කළේය.

තැපැල් ඡන්දය හෙටයි

2015 ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට ආරම්භ වේ. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට සහ අනිද්දා සිදු කෙරෙන අතර රාජ්‍ය සේවකයින්ගේ පහසුව වෙනුවෙන් සේවා අවශ්‍යතාවන් මත අතිරේක දින කිහිපයක් ද වෙන් කර තිබේ. ඒ අනුව හම්බන්තොට පොලිසියේ නිලධාරීන්ට හැර සෙසු පොලිස් නිලධාරීන්ට ලබන 26 වනදා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවනු ඇත. කෙසේ වෙතත් Read More

මෛත්‍රීපාල පාලනයත් රාජපක්ෂ පාලනයත් දෙකම එකයි

මෛත්‍රීපාල සිරිසේන මහතාද කි්‍රයාත්මක කිරීමට සූදානම් වන්නේ නව ලිබරල් ප්‍රතිපත්තියම බවත් වෙනසක් අපේක්ෂා කළ ජනතාවගේ බලාපොරොත්තු පාවා දී ඇති බවත් වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව  පවසයි. ඔහු ඒ බව පැවසුවේ, දෙසැ.20 වන දා බදුල්ලේ පැවති ජනහමුවකදීය. ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය. මහින්ද රාජපක්ෂ පාලනය ලංකාව තුළ නව ලිබරල් ධනවාදයේ අලූත් අදියරක් ආරම්භ කළහ. අධ්‍යාපනය, සෞඛ්‍ය Read More

කුමාර ගුණරත්නම්ට වීසා ලබා නොදීම පිළිබදව මානව හිමිකම් පැමිණිල්ලක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර ගුණරත්නම් මහතා ලංකාවට පැමිණීමට ඇති ඉඩ කඩ සිතාමතා ඇහිරවීමට   එරෙහිව   අද   (19)  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික දුමින්ද නාගමුව සහ චමීර කොස්වත්ත මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළහ. මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ල ඉදිරිපත් කරමින් දුමින්ද නාගමුව මාහතා මෙසේ අදහස් ඉදිරිපත් කළේය. කුමාර ගුණරත්නම් සහෝදරයා Read More

ධනුන තිලකරත්න ඇප මත නිදහස් කරයි

අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර සිටි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාගේ බෑනණුවන් වන ධනුන තිලකරත්න මහතා ඇප මත නිදහස් කර තිබේ. අද (19) කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත්වීමෙන් පසු මහාධිකරණ විනිසුරු අයිරංගනී පෙරේරා විසින් ලක්ෂ 4ක මුදල් ඇප හා ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප දෙකක් මත තිලකරත්න මහතා නිදහස් කරන ලෙස නියෝග කර තිබේ. Read More

ඉදිරියේදී පැවැත්වෙන විභාග

බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගය – 2014 ලබන 27 දින කොළඹ, ගම්පහ හා කළුතර විභාග මධ්‍යස්ථානවලදී පමණක් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මේ සඳහා අයදුම්රුවන් 14,500 දෙනෙකු පෙනී සිටීමට නියමිතය. ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සඳහා වන දෙවැනි කාර්යක්ෂමතා කඩඉම් විභාගය Read More

දුමින්දගේ ආධාරකරුවන්ට පහරදෙයි

ජනාධිපතිවරණයට වමේ පොදු අපේක්ෂකයා වශයෙන් තරග කරන දුමින්ද නාගමුවගේ ජනහමුවක් වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි දෙනෙකුට පොලුවලින් පහර දී බරපතළ තුවාල සිදු කර තිබේ. මෙම පහරදීම සිදු කර ඇත්තේ මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ප්‍රචාරක රථයකින් පැමිණි ඔහුගේ ආධාරකරුවන් බවට සැක කෙරෙන පිරිසකි. අද (19) දින වැල්ලම්පිටියේදී පැවැත්වෙන ජනහමුව පිළිබද ප්‍රදේශවාසීන් දැනුවත් කිරිමට පෝස්ටර් අලවමින් සිටි පිරිසකට Read More

කුමාර් ගුණරත්නම්ගේ වීසා ඉල්ලීමට ආණ්ඩුවෙන් බාදා කරයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා අද 18 කොළඹ පෑවති මාධ්‍ය සාකච්ඡාවකදී , එම පක්ශයේ මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් මහතාට ලංකාවට පෑමිණීමට ඉඩ නොදෙමින් ආණ්ඩුව විසින් වෙට්ටු දමමින් සිටින බව පවසයි. වෑඩිදුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා කියා සිටියේ කාලය ඉක්මවා රැඳී සිටියා කියලා ගුණරත්නම් සහෝදරයාට දඩයක් ගෙවන්න නියම වෙලා තිබුණා. අපි Read More

තවමත් ලංකාවේ අගවිනිසුරු මමයි – ශිරාණි

තමා තවමත් ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අග්‍රවිනිශ්චයකාරවරිය බැවින් දේශපාලනයට පිවිසීමේ අදහසක් නොමැති බව ධුරයෙන් පහ කළ හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක ප්‍රකාශ කළාය. නඩු විභාගයක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් මතු කළ පැනයකට පිළිතුරු දෙමින ඇය මේ බව කියා සිටියාය. “තවමත් මේ රටේ නිත්‍යානුකූල අගවිනිසුරුවරිය මමයි. ඒ බව ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තා තුනක් මගින් Read More

t

o

p