Local News

අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින්න

සමාජය තුළින් කොරෝනා රෝගියෙකු හමු වීමත් සමඟ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පැනවුව ද අනවශ්‍ය ලෙස භාණ්ඩ එක්රැස්කර ගැනීමේ අවශ්‍යතාවක් නැති බව සෞඛ්‍ය අංශ ජනතාවට අවධාරණය කරයි.   අවශ්‍ය වන්නේ අනවශ්‍ය ගමන් බිමන් වලින් වැලකී සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිලිපැදීම පමණක් බව ඔවුන් පෙන්වා දෙයි.   මේ අතර යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කර Read More

දිවුලපිටියේ කොවිඩ් රෝගියා හමුවුණේ අහම්බෙන්!

සෙනඟ ගැවසෙන ඉසව් නවත්වන්නැයි සෞඛ්‍ය ඇමති ඉල්ලා සිටී. කොවිඩ් පිලිබද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිපැදීම ගැන විපරම යලි දැඩිව සිදුකෙරේ “යම්කිසි උණ තත්ත්වයක්, රෝග ලක්ෂණයක් තමන්ට තිබෙනවා නම් තමන්ට අයත් ප්‍රදේශයේ ප්‍රධාන රෝහලකට ඇතුලු වන්න. මොකද මේ රෝගියා අපට සොයා ගැනීමට හැකි වුණේ අපි සෑම ප්‍රධාන රෝහලකටම උපදෙස් ලබාදී තිබෙනවා සෑම දිනකම 10 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරිම Read More

තත්වය අවදානම්..දිවුලපිටියේ කතට කොරෝනා හැදුනු ක‍්‍රමයක් නොදනී

ගම්පහ ප්‍රදේශයේ පදිංචි ජනතාවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ දැනුම්දීමක් සිදු කරයි. එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු උණ රෝගයෙන් පෙලෙන්නේ නම් වහාම ළඟම ඇති රෝහලට යන්නැයි වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ශ්‍රීදරන් මහතා දැනුම් දී ඇත. රෝහල් ගත වී කොරෝනා පරීක්ෂණයක් සදහා යොමු වන ලෙසද ඔහු උපදෙස් නිකුත් කර තිබේ. දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත Read More

69 දෙනෙකුට කොරෝනා

දි වුලපිටියේ ප්‍රදේශ ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගෙන් පසු තවත් 69 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී තිබේ. එම කාන්තාවගේ ආශ්‍රිතයන් 150 දෙනෙකුට සිදුකළ කොරෝනා පරීක්ෂණ වලින් මේ බව තහවුරු වී ඇත. හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා මේ බව තහවුරු කලේය.

මිනුවන්ගොඩට සහ දිවුලපිටියට පොලිස් ඇඳිරි නීතිය

දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පිරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පියවර ගෙන තිබේ. මේ අතර මීට සුළු මොහොතකට පෙර දැනුම් දී තිබුණේ, ගම්පහ, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ගම්මාන කිහිපයක් සඳහා සංචරණ සීමා පනවා තිබේ. බෙම්මුන්න, හොරගස්මුල්ල, දිවුලපිටිය, වැවගෙදර, හපුවලාන, හේන්පිටිගෙදර යන ගම්මාන සඳහා මෙම සංචරණ සීමා Read More

දිවුලපිටියේ කාන්තාවකට කොරෝනා වැළදෙයි

දිවුලපිටිය 39 හැවිරිදි කතකට කොවිඩ් ආසාදනය වෙයි. ආසාදිත කාන්තාව මේ වන විට IDH රෝහලට ඇතුළත් කර තිබේ. අදාළ කාන්තාව උණ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රෝගය සුව වී නිවසට යවන අවස්ථාවේදී සිදු කරන ලද PCR පරීක්ෂණයකදී කොරෝනා ආසාදිතයෙකු බව හඳුනාගනී

බදුල්ලේ දියඇලි ආශ්‍රිත පාරිසරික විනාශයක්

බදුල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ ලක්ෂණ සහිත කඳුවැටි හා ඒ ආශ්‍රිත ප්‍රදේශ රැසක මේ වන විට පාරිසරික ව්‍යසනයක් ඇතිවීමේ නැඹුරුතාවක් දක්නට ලැබෙන බව බදුල්ල දිස්ත්‍රික් පරිසරවේදී සංවිධාන රැසක් පෙන්වා දෙති. විශේෂයෙන් නමුණුකුල, බඹරගල, රාවණා ඇල්ල, නාරංගල, මඩොල්සිම, පුංචි ලෝක­ාන්තය වැනි කඳු පන්ති හා ඒ ආශ්‍රිත ප්‍රදේශත්, දුන්හිඳ, බඹරකන්ද, දියලුම, පීස්ස ඇල්ල හා පස්සර අර්දුණු Read More

එම්.ටී. නිව් ඩයමන්ඩ් ඉවත් කර ගැනීමට අවසර

එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව ශ්‍රී ලංකා මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීමට අවසර ලබාදී තිබේ. අදාළ නෞකාව හිමි සමාගමට අවසරය ලබාදුන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේය. මුදල් සහ අදාළ වන්දි ලබාදීමේ පදනම මත නෞකාව ඉවත් කර ගැනීමට අවසර දී ඇති බව සඳහන් වේ.

කොරෝනා යළිත් පැතිරෙන්න පුළුවන් : සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ලංකාවේ කොරෝනා අවදානම තවදුරටත් පහව ගොස් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. මාස දෙකකට අධික කාලයක සිට සමාජය තුළින් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවූවද විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් හේතුවෙන් කොවිඩ් යළි පැතිරීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. ඒ මහතා මේ බව Read More

කැපූඇළට බලු කරදර

බළපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් කැපූඇළ ගමේ පදිංචිකරුවන් සිව් දෙනකු පසුගිය සතිය ඇතුළත අයාලේ යන සුනඛයකු සපා කෑම නිසා එම ප්‍රදේශවාසීන් ඉහත් බියකින් පසුවන බව කැපූඇළ පදිංචිකරුවකු වන සුනිල් පැස්කුවල් මහතා දිනමිණට පැවැසුවේය. තමාගේ බිරිය නිවෙසේ මුළුතැන් ගෙයි සිටියදී එතැනට කඩා වැදුණු සුනඛයකු බිරියගේ අත පය සපා කා තමා සුරතලයට ඇති කරන සුනඛයා Read More

t

o

p