බදුල්ලේ දියඇලි ආශ්‍රිත පාරිසරික විනාශයක්

October 3, 2020

බදුල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ ලක්ෂණ සහිත කඳුවැටි හා ඒ ආශ්‍රිත ප්‍රදේශ රැසක මේ වන විට පාරිසරික ව්‍යසනයක් ඇතිවීමේ නැඹුරුතාවක් දක්නට ලැබෙන බව බදුල්ල දිස්ත්‍රික් පරිසරවේදී සංවිධාන රැසක් පෙන්වා දෙති.

විශේෂයෙන් නමුණුකුල, බඹරගල, රාවණා ඇල්ල, නාරංගල, මඩොල්සිම, පුංචි ලෝක­ාන්තය වැනි කඳු පන්ති හා ඒ ආශ්‍රිත ප්‍රදේශත්, දුන්හිඳ, බඹරකන්ද, දියලුම, පීස්ස ඇල්ල හා පස්සර අර්දුණු ඇල්ල වැනි සුන්දර දිය ඇලි සහිත ප්‍රදේශයත් එවැනි තත්ත්වයකට ගොදුරු වන බව පෙන්වා දෙන එම සංවිධාන මේ සඳහා ස්වාභාවික හේතූන්ට වඩා ඝෘජුවම මිනිස් ක්‍රියාකාරකම් බලපා ඇති බව නිරීක්ෂණවලින් පැහැදිලි වී ඇති බව ද කියා සිටි.

t

o

p