Local News

එක්සත් ජාතික පාක්ෂිකයින්ට නායකයා ඇතුළු නිලධාරින් හමුවීමට දින දෙකක්

එක්සත් ජාතික පාක්ෂිකයන්ට පක්ෂ නායකත්වය ඇතුළු නිලධාරීන් හමුවීමට සතියට දින දෙකක් වෙන් කිරීමට එජාපය  තීරණය කර තිබේ. මේ අනුව ලබන මාසයේ සිට සෑම සතියකම අඟහරුවාදා සහ බදාදා  පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අදාළ මහජන දින පවත්වන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය. පාක්ෂිකයන් හමුවීමෙි පළමු  වැඩසටහන පෙබරවාරි 2 දා(අඟහරුවාදා)පෙරවරුවේ සිට සිරිකොත Read More

නවීන් එ.ජා.ප සංවිධායක ධූරය භාර නොගන්නා බව කියයි.

හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය භාර නොගන්නා බව අද (26) පක්ෂයට දැනුම් දී තිබේ. නවීන් දිසානායක මහතා අදාළ දැනුම් දීම කර ඇත්තේ පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමිනි. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙස නවීන් දිසානායක මහතාට දිගටම කටයුතු කරන ලෙසට අවසන් වරට පැවැති කෘත්‍යාධිකාරී Read More

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ස්වයං නිරෝධායනයේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කොවිඩ් ආසාදිතයෙකු බවට හදුනා ගැනීමෙන් පසු ඔහුගේ සමීප ආශ්‍රීතයෙකු වු නිවාස හා ඉදිකිරිම් රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුව තිබේ. පසුගියදා රූපවාහිනි නාලිකාවක පැවැති දේශපාලන වැඩසටහනකට රාජ්‍ය ඇමතිවරයා සහභාගී වී ඇති අතර එහිදි ඔහුගේ සහායක මන්ත්‍රීවරයා ලෙස සහභාගී වි ඇත්තේ වසන්ත යාපා Read More

සමගි ජන බලවේගයේ නව නිලධාරි මණ්ඩලය පත්වේ. ෆොන්සේකා – සභාපති, ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු 7 ක්

සමගි ජන බලවේගයේ 20121 වසරේ නව නිලධාරි මණ්ඩලය අද (25) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදි පත් කර ගෙන තිබේ. පක්ෂයේ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පත්ව ඇති අතර මහලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර ද ජාතික සංවිධායක ලෙස තිස්ස අත්තනායක ද පත්ව ඇත. පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්ව ඇත්තේ ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකය. පාඨලි චම්පික රණවක සමගි Read More

පානදුර උතුර ප්‍රදේශයේ දී වෙඩි තැබීමක්. එක් අයෙකු මිය යයි.

පානදුර උතුර පල්ලේමුල්ල ප්‍රදේශයේදි ත්‍රීරෝද රථයකින් ගමන් ගනිමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට නාදුනන පිරිසක් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකු මිගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ එගොඩ උයන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. මුහුණු ආවරණය වන සේ හිස් ආවරණ පැළැද යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මිය ගිය අයට වෙඩි තබා පළාගොස් තිබේ. අද (25) පෙරවරු 9.15 ට Read More

රාජ්‍ය සේවා තොරතුරු ලබාගන්න පසුගිය වසරේ 1919 ට දුරකථන ඇමතුම් මිලියන එකහමාරක් ලැබිලා

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) මගින් තොරතුරු ලබා ගැනීමට පසුගිය වසරේ මිලියන එකහමාරකට ආසන්න දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ලැබී ඇතැයි (ICTA )  ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන වාර්තාවන් පෙන්වාදේ. .ඉන් 95% කගේ අවශ්‍යයතා සාර්තකව සම්පුර්ණ කිරීමට හැකිවී ඇතැයි එම ආතායතනයේ වැඩසටහන් ප්‍රධානි  සුබ්‍රමනියම් ගවස්කාර් මහතා ප්‍රකාශ කරයි. ජනාධිපති කාර්යාලය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන Read More

දිස්ත්‍රික්ක කිහිපයකට සවස 2න් පසු වැසි

නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව.2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. දිවයිනේ සෙසුප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

අචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහයේ අවසන් කටයුතු ජනවාරි 25 වැනිදා

අභවප්‍රාප්ත කලාකිර්තී අචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුකිරීමට තීරණය කර තිබේ. ආරියදාස මහතා ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වියතෙකු ලෙස ද සැලකෙයි. ඒ මහතා “ඇවිදින පුස්තකාලය”  යන නමින්ද අමතනු ලැබිණි.

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 57,000 ඉක්මවයි

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 57,587 ක් දක්වා ඉහළ ගොස් ඇත. තවත් කොරෝනා මරණ 2 ක් ඊයේ (23) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 280 දක්වා ඉහළ ගොස් ඇත. මෙරටදී කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 49,261 ක්. මේ අතර හැටන් ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි 14 හැවිරිදි සිසුවෙකුට ද Read More

බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට හෙට පාසල් විවෘත වෙයි

සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සඳහා හෙට(25) බස්නාහිර පළාතේ පාසල් විවෘත කෙරේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ , මාර්තු මසදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමුන් වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුව හෙට(25) දිනයේදී බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කෙරෙන බවයි.

t

o

p