මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 57,000 ඉක්මවයි

January 24, 2021

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 57,587 ක් දක්වා ඉහළ ගොස් ඇත.

තවත් කොරෝනා මරණ 2 ක් ඊයේ (23) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 280 දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටදී කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 49,261 ක්.

මේ අතර හැටන් ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි 14 හැවිරිදි සිසුවෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඒ,  පාසල් වේලාව තුළදී හදිසියේ සිහිසුන්ව ඇද වැටීම හේතුවෙන් එම සිසුවා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවේදීයි. 

අනුරාධපුර, දේවානම්පියතිස්සපුර, 295A ග්‍රාම නිලධාරී වසම (තිසාවැව 01 කොටස) හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කිරීමට තීරණය කර තිබෙනවා. 

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ පවතින කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි. 

t

o

p