Local News

ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් කෙරේ

2021 වර්ෂයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව පාසල් කඩයිම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. අදාළ නිවේදනයට අනුව මෙවර වැඩිම කඩයිම් ලකුණු ප්‍රමාණයක් හිමිව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයටයි.එය ලකුණු 179ක්. දෙවැනි ස්ථානය ලකුණු 178කට මහනුවර ධර්මරාජ විද්‍යාලයට හිමිව ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ කඩයිම් ලකුණු 176ක් වන අතර එම ලකුණු ප්‍රමාණයටම ගාල්ල රිච්මන්ඩ්, කුරුණෑගල මලියදේව Read More

මෙරට පවතින සහල් ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණයි

රටෙි පවතින සහල් සංචිතය ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණක් බව අග්‍රාමාත්‍යවරයා පත් කළ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා පිළිබඳ සොයාබැලීමේ කමිටුවේ දී (23) අනාවරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම කමිටුව රැස් විය. ලංකාවෙි මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් බවත් සැප්තැම්බර් මැද වන විට දැනට පවතින සහල් Read More

අත්‍යාවශ්‍ය සේවා මිල ගණන් සංශෝධනයට කැබිනට් අනුමැතිය

බස් රථ ගමනාගමනය ඇතුළුව අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවල මිල ගණන් සංශෝධනය කිරීම සදහා ද කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි. ඒ මිල වැඩිකළ ඉන්ධන මිලට සාපේක්ෂවය. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව පවසයි.

ඉන්ධන මිල ඉහළට

අද(24) අලුයම 3.00 සිට ඉන්ධන මිල ඉහළ දැමීමට සිපෙට්කෝ සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 82කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 77 කින්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු. 111කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු116කින් ඉහළ දමා ඇත. නව මිල ගණන් පහත දැක්වේ. පෙට්ට්‍රල් ඔක්ටේන් 92 – Rs. 420.00 Read More

නිවාස අහිමි වූ මැති ඇමතිවරුන් 71ක් දෙනෙක්ට නව නිවාස

පසුගිය දා දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 71 දෙනෙකුගේ නිවාස ඇතුළු දේපළවලට හානි සිදු විය. කඩිනමින් ඔවුන්ට යලිත් නව නිවාස නිවාස ලබා දීමට රජය තීරණ කර ඇති බවටයි වාර්තා වේ. ඒ අනුව තලවතුගොඩ ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක මන්ත්‍රී නිවාස 100ක් ඉදි කරමින් පවතින අතර, ඒවා කඩිනමින් වැඩ අවසන් Read More

තද වැසි තවදුරටත්

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100පමණ තද වැසි ඇතිවිය හැක. උතුරු පළාතේත් අනුරාධපුර Read More

ඉන්දියාවෙන් යල කන්නයට පොහොර ලැබෙයි

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක ප්‍රමාණයක් ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට පොහොර සැපයීමට තීරණය කර ඇත. අමරිකානු ඩොලර් බිලියනයක ණයක් යටතේයි, මෙම පොහොර ප්‍රමාණය මෙරටට ලබාදිමට සැලසුම් කර ඇත්තේ,යල කන්නයේ වගා කටයුතු සඳහා මෙම පොහොර යොදාගැනිමට තීරණය කෙරෙන අතර මේ පිලිබද ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තහවුරු කරන ලදි.

ගෝඨා ගෝ ගමට කිසිවිටෙක අතගසන්නේ නැහැ

ජනතාව වත්මන් දුකට ඇද දැමීමට මාධ්‍යයත් වගකිව යුතු බව කී අග්‍රාමාත්‍යවරයා ගෝඨාට ඡන්දය දෙන්න එපා යැයි කියූ එක මාධ්‍යයක් වත් තිබේනම් පෙන්වන්නැයි සඳහන් කළේය. ධුරයෙහි දිවුරුම් දීමෙන් පසු කොළඹ වාලුකාරාමය ට පැමිණි අග්‍රාමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් පැවසූයේ තමා පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම සහයෝගය ඇතිව ජනතාවට විදුලි බලය,ඩීසල්, ගෑස් ලබා දෙන්නට කටයුතු කරන බවයි. Read More

මුළු දිවයිනටම පැනවූ ඇඳිරි නීතිය ඉවත් කෙරේ

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද(14) පෙරවරු 6ට ඉවත් කරන ලදි. එය පස්වරු 6ට යළි පැනවෙන අතර පසුදින (15) පෙරවරු 5 දක්වා බල පැවැත්වෙයි. ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය Read More

රනිල් අගමැති ලෙස දිව්රුම් දීමට සුදානම්

නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත්වනු ඇතැයි මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇත. එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා හෙට හෝ අනිද්දා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවයි. රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ,සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් කොටසක් Read More

t

o

p