ඉන්ධන මිල ඉහළට

May 24, 2022

අද(24) අලුයම 3.00 සිට ඉන්ධන මිල ඉහළ දැමීමට සිපෙට්කෝ සමාගම පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 82කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 77 කින්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු. 111කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු116කින් ඉහළ දමා ඇත.

නව මිල ගණන් පහත දැක්වේ.

පෙට්ට්‍රල් ඔක්ටේන් 92 – Rs. 420.00
පෙට්ට්‍රල් ඔක්ටේන් 95 – Rs. 450.00
ඔටෝ ඩීසල් – Rs. 400.00
සුපර් ඩීසල් – Rs. 445.00

මේ අතර ලංකා අයි. ඕ. සී සමාගම ද සිපෙට්කෝ සමාගමට සමගාමීව ඉන්ධන මිල ඉහළ දමා ඇත.

ඉන්ධන මිල ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

t

o

p