Local News

නිහඬ කාලයේදී සමාජ මාධ්‍යයේ ඡන්ද ප්‍රචාරණයට වැට

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසුව පවතින පැය 48 ක නිහඬ කාල​​ෙයදී සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අපේක්ෂක ප්‍රචාරක කටයුතු හා මඩ ප්‍රචාර ආදිය නතර කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇත. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ සමාජ මාධ්‍ය ජාලා අයත් සමාගම් සමග එක්ව මෙම වැඩපිළිවෙළ සකස් කිරීම සම්බන්ධව අවධානය Read More

අද දිනයේ කාලගුණය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි අද දිනයේ කාලගුණය මෙසේය බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිරසහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමන තරමක තද වැසි ඇතිවිය හැක. ඌවපළාතෙත්අම්පාරසහමඩකළපුවදිස්ත්‍රික්කවලත් සවස්කාලයේහෝරාත්‍රී කාලයේදීස්ථාන ස්වල්පයක වැසි හෝගිගුරුම්සහිතවැසිඇතිවියහැක. මධ්‍යම කඳුකරයේබටහිරබැවුම්ප්‍රදේශවලත්උතුරු, උතුරුමැදසහවයඹපළාත්වලත්, හම්බන්තොට,මොණරාගලසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විටහමනපැ.කි.මී. (40-45)කපමණතදසුළංඇතිවියහැක. Read More

ශිෂ්‍යත්වය පැවැත්වෙන කාලසීමාවේ ආපදා කළමනාකරණයට වැඩපිළිවෙලක්

මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් සහ ආපදාවලින් බාධාවක් නොවී විභාගය පවත්වා ගෙන යාම සදහා අවධානය යොමුකරමින් විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන එළඹෙන ඉරිදා දිනය (15) තුළදී විභාගයට පෙනී සිටින දූදරුවන්ට මෙන්ම විභාග Read More

මිල්කෝ සමාගම සතු කිරි පිටි මිල දී ගැනීමට රජයෙන් රුපියල් මිලියන 200ක්

රජයට අයත් මිල්කෝ සමාගම සතුව මේ වන විට තිබෙන කිරි පිටි මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක තොගයක් මිල දී ගැනීමට රුපියල් මිලියන 200ක මුදලක් රජය මගින් ලබා දීමට අද දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මිල්කෝ ආයතනය මින් පෙර පාඩු ලබන රාජ්‍ය ආයතනයක් වශයෙන් පැවතිය Read More

උසස් පෙළ විභාගයට දින නියම වෙයි

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වෙනිදා සිට දෙසැම්බර් 20 දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි. අද (13) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියි.

දීර්ඝ සති අන්තයේ විශේෂ ප්‍රවාහන සේවාවන් රැසක්

දීර්ඝ සති අන්ත නිවාඩුවට ගම්බිම් බලා යන පිරිසට අද (13) සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන බලධාරීන් කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ ඒ සඳහා අමතර බස් රථ 60කට ආසන්න සංඛ්‍යාවක් අද සිට ධාවනයට යෙදවීමට කටයුතු කරන බවයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාව ද කාල සටහනකින් තොරව අමතර බස් රථ ධාවනය කිරීමට Read More

ඡන්ද පෙට්ටි ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්

ඡන්දය අවසන් කිරිමෙන් පසු ඡන්ද පොළට රැගෙන එන ඡන්ද පත්‍රිකා බහාලු ඡන්ද පෙට්ටිය කිසිදු වෙනසක් නොමැතිව නියමිත ගණන් කිරිමේ මධ්‍යස්ථානය වෙත රැගෙන යනවාද ? යන්න සම්බන්ධයෙන් පවතින සැකය දුරුකිරිමට කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ එවැනි වු ආකාරයේ අක්‍රමිකතාවයන් සිදුනොවන නමුත් සැකය දුරු කිරිම සඳහා අගුලු දැමු Read More

මාස 9ක් තුළ සංචාරකයන් ලක්ෂ 14ක්

2024 වසරේ ගත වූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 14ට ආසන්න වී තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ජනවාරි පළමු වනදා සිට සැප්තැම්බර් 08 වනදා දක්වා දිවයිනට පැමිණ තිබෙන මුළු සංචාරකයන් සංඛ්‍යාව 1,395,773ක් බවයි. සංචාරකයන් වැඩි සංඛ්‍යාවක් පසුගිය පෙබරවාරි මාසයේ දිවයිනට පැමිණ තිබේ.එම සංඛ්‍යාව 218,350ක්. පසුගිය වසරේ මෙරටට පැමිණි මුළු Read More

තීරු බදු නොගෙවා මෙරටට රැගෙන ආ විදේශීය මත්පැන් ඇතුළු භාණ්ඩ තොගයක් අත්අඩංගුවට

තීරු බදු නොගෙවා මෙරටට රැගෙනවිත් තිබූ විවිධ වර්ගයේ විදේශීය මත්පැන් බෝතල් 159ක්, විදේශීය සිගරට් පැකට් 175ක්, නිමි ඇඳුම් හා රත්‍රං නොවන පළඳනා තොගයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙක් සහ සැකකාරිනියක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කටුනායක ගුවන් තොටුපළේ ගුවන් මගීන් පැමිණීමේ පර්යන්තයේදීයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මෙම වැටලීම Read More

මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කිරීමේ දිනය කල්යයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අංක 05 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කිරීමේ දිනය සතියකින් කල් දැමීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. 2024 වසර ආරම්භයේ දී 05 වන මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම, 2024 සැප්තැම්බර් 20 වන දිනට කාලසටහන්ගත කර තිබුණි. කෙසේවෙතත් අද (12) පෙරවරුවේ මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, Read More

t

o

p