දීර්ඝ සති අන්තයේ විශේෂ ප්‍රවාහන සේවාවන් රැසක්

September 13, 2024

දීර්ඝ සති අන්ත නිවාඩුවට ගම්බිම් බලා යන පිරිසට අද (13) සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන බලධාරීන් කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ ඒ සඳහා අමතර බස් රථ 60කට ආසන්න සංඛ්‍යාවක් අද සිට ධාවනයට යෙදවීමට කටයුතු කරන බවයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව ද කාල සටහනකින් තොරව අමතර බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (13) රාත්‍රියේ සහ හෙට (14) උදෑසන බදුල්ල සිට කොළඹ දක්වා විශේෂ දුම්රිය ගමන්වාර ධාවනයට කටයුතු යොදා ඇති බවයි.

t

o

p