Foreign News

ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන්ගේ” වීසා” අප්‍රේල් 12 දක්වා දීර්ඝ කරයි

ශ්‍රී ලංකාවේ රැඳී සිටින සියලුම විදේශිකයන්ගේ වීසා කාලය අප්‍රේල් 12 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. මේ අනුව දැනට විදේශිකයන් ලබාගෙන තිබෙන සියලුම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය මාර්තු 14 වැනිදා සිට අප්‍රේල් 12 දක්වා තෙක් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉතාලියේ පැය 24කදී කොරෝනා මරණ 919ක්

ඉතාලිය තුළ පමණක් ඊයේ (27) දිනයේ දී මියගිය සංඛ්‍යාව 919ක් වෙයි. වෛරසය වාර්තා වීමෙන් පසු එක් දිනක් තුළ ඉතාලිය තුළ මියගිය වැඩිම සංඛාව ද මෙයයි. එරට වෛද්‍යවරුන් 46ක් කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් ඇති අතර සෞඛ්‍ය සේවකයින් 6414 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බව වාර්තා වෙයි.

චීන සහ අමෙරිකානු ජනාධිපතිවරුන් අතර සාකච්ඡාවක්

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පිළිබඳව චීන ජනාධිපති ෂි ජිං පින් සමඟ දුරකතනය ඔස්සේ අදහස් හුවමාරු කර ගැනිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  සැලසුම් කර තිබේ.  කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වනරට බවට අමෙරිකාව පත්ව ඇති පසුබිමක අමෙරිකානු ජනාධිපතිවරයා එම සාකච්ඡාව සැලසුම් කරතිබීම විශේෂත්වයක්. 

පුටීන් කොරෝනා ආසාදිතයින් සිටි රෝහලකට

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන් එරට කොරෝනා වෛරස ආසාදිතයින් ප්‍රතිකාර ලබන රෝහලක් නිරීක්ෂණයට ගොස් තිබේ.  රුසියානු ජනාධිපතිවරයා ආරක්ෂිත ඇදුමකින් සැරසී රෝගීන්ගේ සුවදුක් විමසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  එහිදී වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සේවයද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්කර ඇති බව සදහන්. 

අමෙරිකාව කොරෝනා වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අමෙරිකාව කොරෝනා වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට පත්වනු ඇතැයි ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඊට හේතු වන්නේ අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යෑමයි. එනම් යුරෝපයේ හා අමෙරිකාවේ ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය 85% ක් වන අතර ඉන් 40 % ක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්ය.

යුරෝපය කොරෝනා පාලනයට ගත් ක්‍රියාමාර්ග අසාර්ථකයි

කොරෝනා වෛරසය පාලනයට යුරෝපය ගත් කි‍්‍රයාමාර්ග මේ දක්වා අසාර්ථක වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දිගින් දිගටම යුරෝපයේ රටවලින් වෛරස් ආසාදිතයින් සහ පුද්ගල මරණ වාර්තාවීමත් සමගයි. ගත වූ පැය 24 වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්. එම සංඛ්‍යාව 651 ක්. ඒ අනුව ඉතාලියෙන් වාර්තා වන මුළු පුද්ගල මරණ සංඛ්‍යාව 5,476 ක්. ඉතාලියෙන් අලූතින් කොරෝනා රෝගීන් Read More

ලොව පුරා කොරෝනා ආසාධිත රෝගීන් ගණන තුන් ලක්ෂය ඉක්මවයි

මාරාන්තික කොරෝනා වෛරසයට මේ වන විට ගොදුරු වී ඇති පුදගලයින් ගණන තුන් ලක්ෂය ඉක්මවන බව වාර්තා වෙනවා. එම ගණන තුන් ලක්ෂ හත් දහස් දෙසිය හැත්ත හතක් ලෙස සදහන් වෙනවා. ලොව පුරා රටවල් 188 ක් මෙම වෛරසයේ බලපෑමට ලක්ව තිබෙනවා.

කොරෝනා වසංගතය නොතකා උතුරු කොරියාව මිසයිල අත්හදාබලයි

උතුරු කොරියාව විසින් අද(21) මිසයිල අත්හදාබැලීමක් සිදුකර ඇති බව දකුණු කොරියානු හමුදාව පවසයි. නැගෙනහිර ප්යොන්ගන් පළාතේ සිට ජපන් මුහුදට යොමු කරනු ලැබූ මේවා කෙටි දුර බැලස්ටික් මිසයිල ලෙස හඳුනාගෙන ඇත.

ආර්ථිකය ආරක්ෂා කරගන්න ඇමෙරිකාවෙන් ඩොලර් ට්‍රිලියනයක් පැකේජයක්

ගෝලීය වසංගතයක්  බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක ආර්ථික සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට ඇමරිකා එක්සත් ජනපද ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රසය තීරණය කර ඇත. මේ සඳහා ඇරිකා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂයේ සහ ඩිමොක්‍රටික් පක්ෂයේ අනුමැතිය හිමිව තිබෙන අතර ඒ සඳහා ගිවිසුමකට  එළඹීම සඳහා අද  විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇත.

ස්පාඤ්ඤයේ නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණ ඉහළට

ඉතාලියෙන් පසුව කොරෝනා වෛරසය වැඩිම බලපෑමට ලක්ව ඇති අනෙක් යුරෝපා රාජ්‍යය වන්නේ ස්පාඤ්ඤයයි. එරටින් වාර්තා වන මරණ ඊයේ දිනයේදී 191 දක්වා කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් තිබුණේ සමස්ත රටවැසියන්ම ගැඹුරු අවිනිශ්චිතභාවයක ගිලදමමින්. ස්පාඤ්ඤයේ ආසාදිතයින් ගණන  6,046ක් දක්වා කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් තිබුණි.

t

o

p