යුරෝපය කොරෝනා පාලනයට ගත් ක්‍රියාමාර්ග අසාර්ථකයි

March 23, 2020

කොරෝනා වෛරසය පාලනයට යුරෝපය ගත් කි‍්‍රයාමාර්ග මේ දක්වා අසාර්ථක වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දිගින් දිගටම යුරෝපයේ රටවලින් වෛරස් ආසාදිතයින් සහ පුද්ගල මරණ වාර්තාවීමත් සමගයි.

ගත වූ පැය 24 වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්. එම සංඛ්‍යාව 651 ක්. ඒ අනුව ඉතාලියෙන් වාර්තා වන මුළු පුද්ගල මරණ සංඛ්‍යාව 5,476 ක්. ඉතාලියෙන් අලූතින් කොරෝනා රෝගීන් 5,560 ක් වාර්තා වනවා. එය 13.5% ක වැඩිවීමක්. ඉතාලියෙන් කොරෝනා රෝගීන් 59,138 දෙනෙකු වාර්තා වනවා. 

t

o

p