Foreign News

අතුරුදන් වු ඉන්දුනීසියාවේ ගුවන් යානාව මුහුදට වැටෙයි

අතුරුදන්වූ බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානය කඩාවැටුණු ස්ථානය හඳුනාගත් බව ඉන්දුනීසියානු බලධාරීන් සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.    ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරින් යානය ගුවන්ගත කර මිනිත්තු හතරකට පසුව එය රේඩාර් පථයෙන් අතුරුදන් වී තිබුණි.  අනතුරට පත් බෝයිං 737 වර්ගයේ යානය වසර 26ක් පැරණි බවද සදහන් වේ.   

චීනයේ නගරයක් හුදකලා කෙරේ

චීනයේ ” ශිජිආශුආන්ග් “නම් නගරය මිලියන 11 ක ජනතාවක් සමග හුදකලා කිරිමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම නගරයෙන් කොරෝනා ආසාදිතයින් 100 අධික පිරිසක් හදුනා ගැනීමත් සමගයි. මේ අනුව නගරයට දැඩි ලෙස සංචරණ සීමා පනවා තිබෙන අතර එම නගරවාසීන්ට එම නගරයෙන් පිට වීම සම්පුර්ණයෙන්ම තහනම් කර තිබේ.

අමෙරිකාවේ කොවිඩ් ආසාදිතයන් මිලියන 20 සීමාව පසු කරයි

අමෙරිකා එක්සත් ජනපදය 2021 ජනවාරි 01වනදා ගෙවා දැමුවේ, කොවිඩ්-19 වසංගතය ට ගොදුරු වූ ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 20 සීමාව පසුකරමිනි. ලෝකයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව සහ ආසාදිතයන් සංඛ්‍යාව මේ අනුව වාර්තා වන්නේ අමෙරිකා එක්සත් ජනදයෙනි. අමෙරිකාවේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩි මරණ සංඛ්‍යාව වන 3,927 වාර්තා වූයේ දෙසැම්බර් 30 වැනිදා වීම ද විශේෂත්වයකි. වසංගතය ආරම්භ Read More

ෆයිසර් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

ෆයිසර් – බයෝ එන් ටෙක් එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතයට අනුමැතිය දී ඇත.   සංවර්ධනය වෙමින් පවතින රටවලට එහි වැඩි අවස්ථාවක් හිමිවිය යුතු බව එක්සත් ජාතීන් අවධාරණය කරයි. කොවිඩ් වසංගතය ආරම්භවීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එන්නතක් සඳහා අනුමැතිය දුන් පළමු අවස්ථාව මෙයවේ.   එමෙන්ම යුනිසෙෆ් සංවිධානය හරහා දිළිඳු රටවලට මෙම එන්නත Read More

රජිනිකාන්ත් රෝහල්ගත කෙරේ

ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත්ගේ රුධිර පීඩනයෙහි දැඩි උච්චාවචනයන් හේතුවෙන් හයිද්‍රාබාද්හි ඇපලෝ රෝහලට ඇතුළත් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. කොවිඩ් -19  පරික්ෂාවක් ඔහුගේ සිදු කර ඇති අතර  කිසිදු රෝග ලක්ෂණයක් නොතිබුණද, ඔහුගේ රුධිර පීඩනය දැඩි උච්චාවචනයන් පෙන්නුම් කරන් නිසා ඔහු රෝහලට ඇතුළත් කර ඇති වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සිදුකරන බව රෝහලෙන් නිකුත් කළ නිවේදනයක දැක්වේ. Read More

බ්‍රිතාන්‍ය නව ප්‍රභේදය ප්‍රංශයෙනුත් හමුවෙයි

බ්‍රිතාන්‍යයෙන් සොයා ගැනුණු කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ප්‍රභේදයේ ආසාදිතයෙකු පළමුවරට ප්‍රංශයෙන් හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ලන්ඩනයේ සංචාරයක නිරතව සිට එරටට පැමිණි ප්‍රංශ ජාතිකයෙකු නව ආසාදිතයා ලෙස හඳුනාගත් බවයි ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වයිරසය ගැන ලොවම අවධානයෙන්

එක්සත් රාජධානියේ හමු වී ඇති නවතම කොරෝනා වයිරස් ප්‍රභේදය ගැන ලොව පුරා බොහෝ රටවල්වල අවදානය යොමු වී ඇති අතර ගුවන් ගමන් සහ අනෙකුත් ප්‍රවේශ මාර්ග තහනම් කිරීමට රටවල් 40ක් පමණ කටයුතු කර ඇත. නවතම කොරෝනා වයිරසය වඩාත් මාරාන්තික බවට තොරතුරු අනාවරණය වී නොමැත. එංගලන්තයට ගුවන් ගමන් නතර කළ අලුත්ම රට වශයෙන් වාර්තා වන්නේ ඉන්දියාවයි.

උත්සව සමයේ දී ඉතාලිය වසා දැමීමට තීරණයක්

උත්සව සමය තුළ සංචරණ සීමා පනවමින් ඉතාලිය යළි වසා දැමීමට තීරණය කර තිබේ. ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ විසින් ප්‍රකාශ කර ඇත්තේ, අදියර තුනක් යටතේ නත්තල් උත්සවය හා නව වසර ඉලක්ක කර ගනිමින් රට වසා දැමීමට තීරණය කළ බවය. දෙසැම්බර් 24 සිට 27දක්වා වෙළෙඳසැල් වසා දමා සංචරණය සීමා කිරීමටත් , නව වසර උදාවට සමගාමීව දෙසැම්බර් 31 Read More

සෞදියේ ඉන්ධන නැවකට ප්‍රහාරයක්

සෞදියේ ජෙඩා වරායේ නැංගුරම්ලා තිබූ ඉන්ධන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් වාර්තා අනාවරණ කළේ පුපුරණ ද්‍රව්‍ය පිරවූ බෝට්ටුවකින් පැමිණි පිරිසක් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. සෞදි අරාබි බලශක්ති අමාත්‍යංශය මෙම ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්දැයි මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

ගබ්සාව නීතිගත කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය

ගබ්සාව නීතිගත කිරීම සඳහා වන යෝජනාවට අදාළ පනත් කෙටුම්පතට ආජන්ටිනා පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 131 ක් හිමිවූ අතර ඊට විරුද්ධව ඡන්ද 117 ක් හිමිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම යෝජනාව නීතියක් බවට පත්කිරීමට ආජන්ටිනා පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාවේ අනුමැතිය ද හිමිවිය යුතුය.

t

o

p