Special News

ශ්‍රී ලංකා-එංගලන්ත සටන අදයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය පස්වරු 2.00ට බෙංග්ලාරුහිදී ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ  07 වන ස්ථානයේ පසුවන අතර එංගලන්ත කණ්ඩායම එම සටහනේ අට වන ස්ථානයේ පසුවේ. ඒ අනුව තරගාවලියේ ඉදිරියට යාම සඳහා අද තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම Read More

චීන පර්යේෂණ නෞකාව කොළඹ වරායට

චීන පර්යේෂණ නෞකාවක් වන ‘ෂි යාන් 6’ කොළඹ වරායට පැමිණ තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ඉන්ධන ලබා ගැනීම සඳහා කොළඹ වරායේ නැංගුරම් ලෑමට යාත්‍රාවට අවසර දී ඇති බවයි. ඉන්දියාව විසින් මතු කරන ලද ආරක්‍ෂක ගැටළු නොතකා මෙම අවසරය ලබා දීම විශේෂත්වයක්. ෂි යාන් 6 නෞකාව ලබන 28 වනදා දක්වා කොළඹ වරායේ නැංගුරම්ලා තැබෙනු Read More

බලංගොඩ – හැටන් මාර්ගයේ කොටසක් හදිසියේම වසා දැමේ

අධික වර්ෂාව සමග පස් කන්දක් කඩා වැටීමෙන් බලංගොඩ – හැටන් මාර්ගයේ ගමනාගමනය අවහිර වී තිබේ. පින්නවල ප්‍රදේශයේදී අද (25) දහවල් ගස් සහ ගල් ද සමග පස් කන්දක් කඩා වැටී මාර්ගය අවහිර වී ඇත. මේ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනය පැය පහකට වැඩි කාලයක් සම්පුර්ණයෙන්ම ඇන හිට තිබේ. ඉහළින් තවත් අවදානම් පස් කඳු කිහිපයක් පවතින බැවින් වර්ෂාව Read More

මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ‘මත්ද්‍රව්‍ය විරෝධී’ බලඅධිකාරියක්

විදෙස් රටවලින් මෙරටට රැගෙන එනු ලබන මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ‘මත්ද්‍රව්‍ය විරෝධී’ බලඅධිකාරියක් ( Anti-Narcotic Command) ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය . ත්‍රිවිධ හමුදාව සහ රාජ්‍ය බුද්ධි සේවාව එක්ව විදෙස් බුද්ධි සේවාවන්ද සම්බන්ධ කර ගනිමින් අදාළ වැටලීම් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට Read More

සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් තීන්දු තීරණ ගන්නවා – සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

වර්තමානය සෞඛ්‍ය සේවාවේ යම් යම් ගැටළු පිළිබදව සමාජයේ විශාල අවධානයක්, කථිකාවතක් ගොඩනැගී ඇති කාල වකවානුවක් බවත්, වෘත්තකයින් බලාපොරොත්තු වන, සමාජය බලාපොරොත්තු වන වෙනස්කම් කිහිපයක් ඇති බවත්, අමාත්‍යවරයා ලෙස අදාල ව්‍යුහාත්මක හා පුද්ගල වෙනස්කම් කිරිමට තමා බැදී සිටින බවත්, එය කාලානුරූපිව තමා වෙත පැවරෙන වගකීමකත් බවත්, එවැනි තීන්දු ගැනීමේ දී පුද්ගල තරාතිරම හෝ පෞද්ගලිකත්වය නොසළකන ලෙසත්, Read More

දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් තීරුබදු රහිතව මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් ළඟ තබා සිටි 44 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සන්තකයේ තිබී තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද රජයේ සෞඛ්‍ය අවවාද සටහන් නොකළ P&S වර්ගයේ දුම්වැටි 320ක් සොයාගෙන තිබේ. පස්සර විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. බදුල්ල Read More

මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් නොවන බවට සහතිකයක්

මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් සිදු නොකරන බවට සහතික වන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය. අවසන් වරට ජල ගාස්තු සංශෝධනයක් සිදුකරනු ලැබුවේ 2023 අගෝස්තු මාසයේ බව ද සිහිපත් කළ අමාත්‍යවරයා මැතිවරණ ඉලක්ක කර ගනිමින් යෝජිත ජල ගාස්තු සූත්‍රය පිළිබඳ සමාජය තුළ පැතිර යන කටකතා තරයේ Read More

අපනයන ආදායම දෙගුණයක් කර ගැනීමේ හැකියාවක් තිබෙන බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වේ

අන්තර්ජාතික ආයතනයක් මගින් රජය වෙත ලබා දී තිබෙන වාර්තාවකට අනුව, දැනට ඩොලර් බිලියන දහයක පමණ සීමාවේ තිබෙන ශ්‍රී ලංකාවේ අපනයන ආදායම දෙගුණයක් එනම්; ඩොලර් බිලියන විස්ස දක්වා වැඩි කිරීමේ හා අපනයන ආදායමේ ශුද්ධ බලපෑම (net effect) බිලියන 8.6 දක්වා වර්ධනය කර ගැනීමේ හැකියාවක් තිබෙන බව , පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. Read More

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් ලබාදීමේදී පවතින ගැටලු විසඳන්න විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස්

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශ්‍රාම ගොස් සිටින නිලධාරීන්ට හිමි විශ්‍රාම වැටුප් ලබාදීමේදී පවතින ගැටලුව අදාළ සියලු පාර්ශ්ව කැඳවා සති දෙකක් තුළ විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙස විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙන ලදී. මේ පිළිබඳ කරුණු සාකච්ජා වූයේ විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව Read More

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. මෙතෙක් මාස හයකට වරක් සංශෝධනය කෙරුණු විදුලි බිල මින් ඉදිරියට මාස 03කට වරක් සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව Read More

t

o

p