මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් නොවන බවට සහතිකයක්

October 25, 2023

මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් සිදු නොකරන බවට සහතික වන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.

අවසන් වරට ජල ගාස්තු සංශෝධනයක් සිදුකරනු ලැබුවේ 2023 අගෝස්තු මාසයේ බව ද සිහිපත් කළ අමාත්‍යවරයා මැතිවරණ ඉලක්ක කර ගනිමින් යෝජිත ජල ගාස්තු සූත්‍රය පිළිබඳ සමාජය තුළ පැතිර යන කටකතා තරයේ ප්‍රතික්ෂේප කරන බව ද සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

ඒ වගේම මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් සිදු නොකරන බවට මම සහතික වනවා. ඒ අනුව 2023 අගෝස්තු මාසයේ සිදු වූ ජල ගාස්තු සංශෝධනයෙන් පසුව මෙම වසර සඳහා තවදුරටත් ජලගාස්තු වැඩි කිරීමක් සිදු කරන්නේ නැහැ. නමුත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකු (ADB) සමඟ එක්ව සිදු කරනු ලබන සහයෝගී ප්‍රයත්නයක් ලෙස, ප්‍රතිපත්ති මත පදනම් වූ ජල ගාස්තු සකස් කිරීමක් සඳහා වන පිරිවැය ප්‍රතිසාධන සූත්‍රයක් හඳුන්වාදීම කිරීම කෙරෙහි මේ වනවිට අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ වගේම ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් යෝජිත ජල ගාස්තු සූත්‍රය පිළිබඳ සමාජය තුළ පැතිර යන කටකතා ද තරයේ ප්‍රතික්ෂේප කරනවා. සැබැවින්ම මෙම ජල ගාස්තු සූත්‍රය හඳුන්වාදීමේ අරමුණ වන්නේ සමාජයේ අවදානමට ලක්විය හැකි, සමෘද්ධි සහ අස්වසුම වැනි සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන් යටතේ ආවරණය වන ජන කොටස් ආරක්ෂා කරන අතරම ජලය සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීමයි.

විශේෂයෙන්ම ජල සම්පාදන මණ්ඩලය විසින් ලබා දී ඇති මිලියන 2.96 ක් පමණ වන ජල සම්බන්ධතා අතරින් වතු අංශය යටතේ ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුවට අයත් ජල සම්බන්ධතා මෙම මිල සූත්‍ර ක්‍රමවේදය යටතට ගැනීමට සූදානමක් නැහැ.

ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව වතු ප්‍රජාව සමඟ පමණක් නොව, සියලුම ග්‍රාමීය ප්‍රදේශවලට ද තම සේවාවන් ව්‍යාප්ත කරමින් 5000ක් පමණ වන ප්‍රජා මූලික සංවිධාන සමඟ සමීපව කටයුතු කරන බැවින් ඔවුන්ට ද මෙම මිල සූත්‍රයෙන් බලපෑමක් නැහැ.

t

o

p