දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

October 25, 2023

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් තීරුබදු රහිතව මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් ළඟ තබා සිටි 44 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සන්තකයේ තිබී තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද රජයේ සෞඛ්‍ය අවවාද සටහන් නොකළ P&S වර්ගයේ දුම්වැටි 320ක් සොයාගෙන තිබේ.

පස්සර විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

බදුල්ල පොලිස් වසමේ වෙළඳසැලක් තුලින් මෙම දුම්වැටි තොගය සොයා ගෙන ඇත.

t

o

p