බලංගොඩ – හැටන් මාර්ගයේ කොටසක් හදිසියේම වසා දැමේ

October 25, 2023

අධික වර්ෂාව සමග පස් කන්දක් කඩා වැටීමෙන් බලංගොඩ – හැටන් මාර්ගයේ ගමනාගමනය අවහිර වී තිබේ.

පින්නවල ප්‍රදේශයේදී අද (25) දහවල් ගස් සහ ගල් ද සමග පස් කන්දක් කඩා වැටී මාර්ගය අවහිර වී ඇත.

මේ හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනය පැය පහකට වැඩි කාලයක් සම්පුර්ණයෙන්ම ඇන හිට තිබේ.

ඉහළින් තවත් අවදානම් පස් කඳු කිහිපයක් පවතින බැවින් වර්ෂාව හේතුවෙන් පස් කන්ද මාර්ගයෙන් ඉවත් කිරීම ප්‍රමාද වන බවට වාර්තා වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම ස්ථානයෙන් මාර්ගය වසා දමා ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට රියදුරන්ට දැනුම් දෙන බවයි.

t

o

p