Special News

ධනංජය මංගල ටෙස්ට් ශතකය ලබා ගනී

සංචාරක ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිිතිකරු ධනංජය ද සිල්වා සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය. පළමු දිනය නිමා වන විටදී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 5 ක් දැවී ලකුණු 215 ක් ලබා සිටියි. නොදැවී කඩුල්ලේ රැඳී සිටින ධනංජය ද සිල්වා ලකුණු 116 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු Read More

පෙල්ප්ස් සමුගැනීම ප්‍රකාශ කරයි

ඇමෙරිකානු පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ. රියෝ ඔලිම්පික් උළෙලේ මීටර 100 සමනල ආර ඉසව්වේ අද පැවති තරගයෙන් පරාජයට පත් වීමත් සමග ඔහු මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දිවයින අවට මුහුදේ තද සුළං

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල පැ.කි.මී.60-70 පමණ දක්වා විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අගෝස්තු මස 13 වැනිදා (අද) දහවල් 12.00 සිට ඉදිරි පැය 24 දක්වා වූ තද සුළ පිළිබඳ කාලගුණ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මෙම අනතුරු ඇඟවීම සිදුකරයි.

තායිලන්තයේ බෝම්බ ප්‍රහාර

තායිලන්තය තුළ ජීවිත හතරක් බිලි ගනිමින් සිදුවූ බෝම්බ පිපිරීම්වලට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය පවසයි. සංචාරක නගර ලෙස ප්‍රසිද්ධියක් උසුලන හුවා හින්, පෝකට් සහ සහ තවත් ස්ථාන කිහිපයක මෙසේ පිපිරීම් සිදුව ඇති බවත් ප්‍රහාර වල වගකීම කිසිවකු බාරගෙන නොමැති බවත් වාර්තා වේ.

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඉරිනා බොකෝවා මහත්මිය හෙට දිවයිනට

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉරිනා බොකෝවා මහත්මිය නිල සංචාරයක් සඳහා හෙට(14) දිවයිනට පැමිණීමට නියමිතය.  කෝවා මහත්මිය යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ධූරයට පත්වීමෙන් අනතුරුව මෙරට සිදු කරන පළමු සංචාරය මෙය බව වාර්තා වෙයි.‍ මෙම සංචාරය අතරතුරදී අධ්‍යක්ෂ ජනරාල්වරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

හාරිස්පත්තුව, අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ වලට අද රාත්‍රී 07.00 සිට හෙට(14) පෙරවරු 07.00දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. කහල්ල, කහවත්ත, අකුරණ, කුරුගොඩ, තෙලඹුගහවත්ත, හාරිස්පත්තුව, ගොහාගොඩ, නුගවෙල, බරිගම, රජපිහිල්ල, හෑදෙණිය, මැදවල හා පූජාපිටිය යන ප්‍රදේශවලට අදාළ කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බව එම Read More

නෝර්වේජියානු අග්‍රාමාත්‍ය ජනපති හමුවෙයි

මෙරට සංචාරයක නිරත නෝර්වේජියානු අග්‍රාමාත්‍ය අර්නා සොල්බර්ග් මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ. ඇය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සමග ද ද්විපාර්ශවික සාකච්ඡාවල නිරතවීමට නියමිතව ඇත.

වරාය නගරය නව ගිවිසුමක් අත්සන් කරයි

වරාය නගරය ඉදිකිරීමට අදාළ නව ගිවිසුමක් අත්සන් කර තිබේ.‍ අද (12) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මෙම ගිවිසුම අත්සන් කර ඇති බව වාර්තා වෙයි. පාර්ශව තුනක් මෙම ගිවිසුමට අත්සන් තබා ඇති අතර, වත්මන් රජය මගින් මෙය මුල්‍ය නගරය ලෙස නම්කර තිබේ.

අගමැති රනිල් හෙට චීනෙට යයි

අගමැති රනිල් වික්‍රමසිංහ සෙනසුරාදා (13) සිට (17) දක්වා චීනයේ පස්දින නිල සංචාරයක යෙදීමට නියමිතය. අනුර ප්‍රියදර්ශන යාපා, පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුන්ද ඊට එක්වීමට නියමිතය.  

සුසන්තිකාට ක්‍රීඩා අමාත්‍යංශයේ තනතුරක්

ඔලිම්පික් රිදී පදක්කම්ලාභී  සුසන්තිකා ජයසිංහ මහත්මිය ජාත්‍යන්තර තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීම් පිළිබඳ උපදේශක තනතුරට පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පියවර ගෙන ඇත‍. පත්වීම ප්‍රදානය සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම්සෝමරත්න විදානපතිරණ සහ සහකාර ලේකම් එම්. එම්. විජයසේන යන මහත්වරුන් සහභාගී විය.

t

o

p