Special News

ශ්‍රිලනිපයේ සහයත් ගෙන නව ව්‍යවස්ථාව ගැන ජනමත විචාරණයකට සූදානම්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරිමේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද සහාය රැගෙන ජනමත විචාරණයකට යාම රජයේ බලාපොරොත්තුව බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි අද (09) ප්‍රකාශ කළේය. එය රජයේ ස්ථාවරය බව ද සභානායකවරයා සඳහන් කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විමල් විරවංශ මහතා නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය. විමල් විරවංශ මහතා Read More

මහින්ද අද ජනපති නම් වෛද්‍ය සංගමය පූස් පැටව් වගේ ඉදීවි

පෞද්ගලික රෝහල්වලට ගිහින් මුදල් උපයා ගන්නා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලධාරින්ට හොද වුවත් ඔවුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ යැයි බුද්ධ ශාසන හා අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි අද (09) ප්‍රකාශ කළේය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතියට විරුද්ධව කෑ ගහන අය රජයේ වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය ඉහළද කියලා ප්‍රශ්න කරන්නේදැයි ඇමතිවරයා විමසා සිටියේය. සයිටම් උපාධි කඩයක් කියලා රජයේ Read More

චීන නව අවුරුදු සැමැරුම් උළෙල හා සංස්කෘතික ප්‍රසංගය කථානයක ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා චීන සබදතාවන්හි 60 වන සංවත්සර සැමරුමට සමගාමීව කොළඹ නිදහස් චතුරශ්‍රයේ ආකේඩ් පරිශ්‍රයෙහි පැවැති චීන නව අවුරුදු සැමරුම් උළෙල සංස්කෘතික ප්‍රසංගය සහ ලන්තෑරුම් ප්‍රදර්ශනයේ සමාරම්භය ගරු කථානායක කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ සහභාගීත්වයෙන් සිදු විය.

එකම පවුලේ 500ක් එකම පින්තූරෙක

කලක් මුළුල්ලේ උත්සාහ දරා සිය පවුලේ සාමාජිකයන් 500 කට අධික පිරිසක් පවුලේ සමූහ ඡායාරූපයක් සඳහා කැඳවා ගැනීමට චීනයේ පවුලක් සමත්වී තිබේ. ‘රෙන්’ පවුලේ සාමාජිකයන් එම ඡායාරූපයට මුහුණ දුන්නේ නැගෙනහිර චීනයේ ශේජියාන්ග් පළාතේ ශිශේ ගම්මානයේදීය. චන්ද්‍ර වර්ෂයෙන් නව වසර උදාවීම සැමරීම පිණිස පසුගිය සතියේ පවුලේ සියලුදෙනා ශිශේ ගම්මානයට එක්වූහ. එතරම් විශාල පිරිසක් ඇතුලත් ඡායාරූපය සඳහා ඩ්රෝන් Read More

වැලිකඩ මනුෂ්‍ය ඝාතන සිද්ධියේ මියගිය රැදවියන්ට වන්දි

පසුගිය රජය සමයේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ බිහිසුණු මනුෂ්‍ය ඝාතන සිද්ධිය පිළිබඳ ‍පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවත් එම සිද්ධියේදී මියගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවැසීය. බන්ධනාගාර සිද්ධිය සම්බන්ධව සොයාබැලීම සඳහා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශ අනුව මියගිය රැඳවියන් සඳහා රුපියල් ලක්ෂ පහ බැගින්ද තුවාල Read More

වසර 3ක් තුළ රාජ්‍ය ආයතන 15ක පාඩුව කෝටි 11,000යි

පසුගිය 2013, 2014, 2015 වසර තුනක කාලයක් තුළ රාජ්‍ය ආයතන 15ක රුපියල් කෝටි 11000ක පාඩුවක් සිදුව ඇතිබව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ විමර්ශන වලින් අනාවරණය වී ඇතැයි එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදි අද (08) පැවසීය. කෝප් කමිටුව විසින් සිදුකළ විමර්ශන වල තෙවැනි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සුනිල් හදුන්නෙත්ති Read More

සහල් පාලන මිල අද ගැසට් කරනවා හෙට සිට සම්බා 80, නාඩු 72යි

ජනතාවට අවශ්‍ය සහල් අඩු මිලට සැපයීම සඳහා රජය කටයුතු සම්පාදනය කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි අද (08) පැවසීය. මීට අදාළ ගැසට් පත්‍රයද අද (08) දිනයේදී මුද්‍රණයට යොමුකර ඇති බවද පාර්ලිමේන්තුවේදී හෙළි කෙරිණ. මේ අනුව හෙට(09) සිට සම්බා සහල් කිලෝවක් රුපියල් අසූවක් හා නාඩු සහල් කිලෝවක් රුපියල් හැටදෙකක් වැනි මිලකට අලෙවි කිරීමට රජය සැළසුම් Read More

ලොව වැඩිම කාලක් රජ කිරුළ දැරීමේ වාර්තාව දෙවන එලිසබත් රැජිණට

දෙවන එලිසබත් රැජින වසර හැටපහක කාලයක් රාජ්‍යත්වය හෙබැවූ පළමු බ්‍රිතාන්‍ය අධිරාජිනිය හැටියට ඉතිහාසයට එක් වූවාය. එලිසබත් රැජින බ්‍රිතාන්‍ය රාජ්‍යත්වයට පත්වූයේ 1952 වසරේ ඇයගේ පියා වූ හයවැනි ජෝර්ජ් රජුගේ අභාවයෙනි. වත්මන් ලෝකයේ දීර්ඝ කාලයක් සිහසුන දැරූ තායිලන්තයේ භූමිබෝල් අතුල්තේජ් රජතුමා පසුගිය වසරේ අභාවප්‍රාප්ත වීමන් අනතුරුව, දෙවන එලිසබත් රැජින ලොව දීර්ඝ කාලයක් රාජ්‍යත්වයේ රැඳී සිටින රාජ්‍ය නායිකාව Read More

පස් කැපිල්ල නවත්වන්න හදන රංජන් පස් කපන පාතාලය ගැන කතා නොකරන්නේ බය නිසාද?

පස් කැපිල්ල පිළිබඳ විශාල උනන්දුක් දක්වන රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා පස් කැපිල්ල පසුපස සැඟවී තිබෙන පාතාලය ගැන කථා නොකරන්නේ පාතාලයට ඇති බිය නිසාදැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රශ්න කළේය. ගම්පහ දිස්ත්‍රික්කයේ පස් කැපිල්ල සහ ඒ හා බැඳුණු පාතාලය නිසා සිදුව ඇති විනාශය පිළිබඳ තමා කතා කළේ සැබෑ ජීවිතය ද Read More

පොලිස් සහ අපරාධ යුක්තිය ගැන ඉගෙන ගන්න නව විශ්ව විද්‍යාලයක්

පොලිස් සහ අපරාධ යුක්තිය පිළිබද කැබිනට් පත්‍රිකාව ලගදීම අමාත්‍ය මණ්ඩලයට ඉරිරිපත් කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. ඔහු මේබව සඳහන් කලේ යෝජිත විශ්ව විද්‍යාලය ඉරිකිරීමට නියමිත දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ අදාල ඉඩමේ නිරීක්ෂණ චාරිකාවකට පසුගිය (07) වැනිදා එක්වෙමිනි. එහිදී අමාත්‍ය සාගල රත්නායක මහතා මෙසේ වැඩිදුරටත් අදහස් දැක්වනු ලැබීය. පොලිස් Read More

t

o

p