ශ්‍රිලනිපයේ සහයත් ගෙන නව ව්‍යවස්ථාව ගැන ජනමත විචාරණයකට සූදානම්

February 9, 2017

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරිමේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද සහාය රැගෙන ජනමත විචාරණයකට යාම රජයේ බලාපොරොත්තුව බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි අද (09) ප්‍රකාශ කළේය.
එය රජයේ ස්ථාවරය බව ද සභානායකවරයා සඳහන් කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විමල් විරවංශ මහතා නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.
විමල් විරවංශ මහතා – විදේශ ඇමතිතුමා විදෙස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණා නව ව්‍යවස්ථාවක් ගේනවා එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ සහාය ගෙන ජනතමත විචාරණයේදි ලැබෙනවා ඒ නිසා ව්‍යවස්ථාව අරගෙන ජනමත විචාරණයකට යනවා කියලා. මෙය රජයේ ප්‍රතිපත්තිය දැයි අපි දැනගන්න කැමතියි.
සභානායක – මේ අවස්ථාවේ රජයේ පළමු අරමුණ අලූත් ව්‍යවස්ථාවක් හදන එක. එතනදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය අරගෙන ජනමත විචාරණයකට යන්න බලාපොරොත්තු වෙනවා. රජයේ ස්ථාවරයා එයයි.
විමල් විරවංශ මහතා – නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනවා නම් පාර්ලිමේන්තුවේදි සාකච්ඡාවට ගේන්න ඕනේ.  කෙටුම්පත් සාකච්ඡාවට දුන්න දින දෙකත් පසුව දුන්නේ නැහැ. එය ඉදිරියට ගෙන යනවාද නතර කරලාද කියලා දැන ගන්න කැමතියි.
සභානායක – නතර කරලා නැහැ. පක්ෂ කිහිපයක් යෝජනා ඉදිරිපත් කරලා නැහැ. තවම ව්‍යවස්ථාවේ එක වගන්තියක්වත් හදලා නැහැ. පක්ෂවලට යෝජනා දෙන්න කියලා තියෙනවා. සමහර පක්ෂ යෝජනා දිලා තියෙනවා සමහර පක්ෂ දිලා නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ප්‍රසිද්ධියේ තමයි මෙය කරන්නේ. හැංගි හොරා හදන්නේ නැහැ.

t

o

p